උසස් පෙළ විශිෂ්ට සමතුන්ට ‘සෙලින්කෝ ලයිෆ්’ නෝට්බුක් පරිගණක 25ක් පිරිනමයි

මාර්ගගත අධ්‍යාපනය සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අවස්ථාවක උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබා ඇති උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වූ සිසුන් 25 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් නෝට්බුක් පරිගණක පිරිනමා ඇත.

ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා විසින් තම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාග ලබා දෙන ලදි. ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ ශිෂ්‍යයින් අතරින් 2019 විභාගයේදී තමන්ගේ දිස්ත‍්‍රික්කයේ ඉහළින්ම සමත්කම් දැක්වූ මෙම සිසුන් 25 දෙනාම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නවතම අදියරේ ප‍්‍රතිලාභීන් ලෙස මේ වනවිටත් සෙලින්කෝ ලයිෆ් වෙතින් රු. 144,000ක් බැගින් වටිනා වූ ශිෂ්‍යත්ව ලබා ගෙන ඇත.

සෙලින්කෝ ලයිෆ් විසින් තෝරා ගත් Lenovo IdeaPad D330 නෝට්බුක් පරිගණකය, සැහැල්ලූ ටැබ්ලටයක් ලෙසත් වෙන් කර භාවිත කළ හැක. සියලූම නියමිත සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරවලට අනුකූලව නෝට්බුක් පරිගණක ලබා දීම සෙලින්කෝ ලයිෆ් ශාඛා මට්ටමින් සිදු විය. ප‍්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 20 වැනි වැඩසටහන සමඟ රුපියල් මිලියන 167ක් වටිනා ශිෂ්‍යත්ව, සිසු සිසුවියන් 2,887 දෙනෙකුට සෙලින්කෝ ලයිෆ් විසින් පරිත්‍යාග කර ඇත.

Visits: 36