SLIIT ROBOFEST 2021 තරඟය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව සැප්. 20 දක්වා

SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11 වන වරට සංවිධානය කරන ලද මෙම ‘ROBOFEST 2021’ තරඟය සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව සැප්තැම්බර් 20 වැනිදා දක්වා විවෘතව පවතින බව නිවේදනය කර සිටියි. පාසල් සිසුන්ට සහ උපාධි අපේක්ෂකයින් හට නව රොබෝ තාක්‍ෂණ සැලසුම් කිරීම, ගොඩනැගීම සහ දැනුම හා පුරුද්ද ඇතිකරවීම සඳහා සුදුසු පසුබිමක් ඇති කරදීමේ අරමුණින් මෙම තරගය නිර්මාණය කර තිබේ.

ඒ අනුව සංවිධායකයන් මඟින් දී ඇති නිර්ණායකයන්ට අනුව අභියෝගාත්මක කාර්යයක් ඉටු කළ හැකි රොබෝ යන්ත්‍ර සැලසුම් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ප්‍රදර්ශනය කිරීම සඳහා සහභාගීවන්නන්ට කදිම අවස්ථාවක් මේ හරහා සලසාදෙනු ඇතැයි සඳහන් වෙයි.

මෙම තරඟය මඟින් ගැටලු විසඳීම සහ කාවැද්දූ පද්ධති සැලසුම් කිරීම (Embedded Systems Design), කාවැද්දූ පද්ධති ඉංජිනේරු විද්‍යාව (Embedded Systems Engineering ) සහ මයික්‍රොප්‍රොසෙසරය පදනම් කරගත් පද්ධති (Microprocessor based Systems), ඩිජිටල් (Digital) සහ ඇනලොග් ඉලෙක්ට්‍රෝනික උපකරණ (Analog Electronics), පාලන පද්ධති (Control Systems ) සහ රොබෝ විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු (Robotics and Software Engineering) වැනි කුසලතා ප්‍රවර්ධනය කරනු ලබයි.

කෙසේ වෙතත් වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති දුරස්ථ ක්‍රමවේදයන්ට අනුකූලව, මෙවර තරඟය මාර්ගගත ක්‍රමවේද ඇතුළත් වේදිකා ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘ROBOFEST 2021’ සඳහා සහභාගිවන්නන් හා කාර්මික නිලධාරීන් අතර කණ්ඩායම් වැඩ කටයුතු කිරීමට සහ ශක්තිමත් සබඳතාවයක් ඇති කර ගැනීමට මෙම අවස්ථාව කදිම අඩිතාලමක් සපයන අතර ඒ මඟින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් SLIIT පවසයි.

‘ROBOFEST 2021’ තරඟය පාසල් සහ විශ්ව විද්‍යාල ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය. පාසැල් කාණ්ඩය යටතේ ඉදිරිපත් වන පාසල්වල සිසුන්ට ඔවුන්ගේ ශ්‍රේණි සලකා බැලීමකින් තොරව, එක් කණ්ඩායමකට උපරිම සාමාජිකයින් 5 දෙනෙකු බැගින් එකම ආයතනයක ඕනෑම කණ්ඩායමකට තරඟ කළ හැකිය.

මෙම කාණ්ඩය සඳහා, තරඟකරුවන් රොබෝ අනුකරණ මෘදුකාංගයක් භාවිතා කරමින් මාර්ගගත අවකාශයක ඇති බාධක මඟ හරවාගෙන මෙහෙයවිය හැකි ජංගම රොබෝ යන්ත්‍රයක් සැලසුම් කර ඉදිරිපත් කළ යුතුය.

විශ්ව විද්‍යාල කාණ්ඩය යටතේ විශ්ව විද්‍යාල සහ ඒ හා සමාන උපාධි පිරිනමන සියලුම උපාධි අපේක්ෂකයින් සඳහා විවෘතය. එහි සෑම කණ්ඩායමක්ම සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර එකම ආයතනයක ඕනෑම කණ්ඩායමකට තරඟ කළ හැකිය. ඔවුන්ගේ කර්තව්‍යය වන්නේ මාර්ගගත අවකාශයක සංකීර්ණ කාර්යයන් සිදු කිරීම සඳහා රොබෝ බාහු කට්ටලයක් සැලසුම් කර ඉදිරිපත් කිරීමයි.

‘ROBOFEST 2021’ සඳහා ලියාපදිංචි කටයුතු මේ වනවිට විවෘතව පවතින අතර අදාළ කණ්ඩායම් සඳහා අදාළ නීති www.robofest.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය. විශ්වවිද්‍යාල කණ්ඩායම් ලියාපදිංචිය 2021 සැප්තැම්බර් 12 වන දින අවසන් වන අතර පාසල් කාණ්ඩයේ ලියාපදිංචිය සඳහා වන අවසන් දිනය වන්නේ 2021 සැප්තැම්බර් 20වැනිදාය. ‘ROBOFEST 2021’ අවසන් මහා තරඟය සැප්තැම්බර් මස 30 වැනිදින පැවැත්වීමට නියමිතය.මෙම කාණ්ඩ දෙක සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනැමේ.

SLIIT විසින් ‘ROBOFEST 2021’ සඳහා වැඩමුළු සහ වෙබ් සම්මන්ත්‍රණ ද සංවිධානය කර ඇත.

මේ සඳහා සහභාගීවන සිසුන්ට https://forms.gle/MgEF6iATv6mhBGvr9 හරහා ලියාපදිංචි වීමෙන්අනතුරුවඔවුන්වවෙබ් සම්මන්ත්‍රණ සඳහා සම්බන්ධ වීමට උනන්දු කරවනු ඇත.

‘ROBOFEST 2021’ පිළිබඳ වැඩි දුර තොරතුරු සම්බන්ධීකාරක – ආචාර්ය ඇන්ටන් හෙට්ටිආරච්චි 076 559 8316 අංකයෙන් හෝ robofest@sliit.lk විද්‍යුත් තැපෑලෙන් ද, https://www.facebook.com/RobofestSLIIT යන ෆේස්බුක් පිටුවෙන්ද ලබා ගත හැකිය. වෙබ් අඩවිය – www.robofest.lk

Visits: 40