සන්නාමකරණය (Branding) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 18 දා නොමිලේ

ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය මීළග මට්ටම වෙත උසවා තැබීම සඳහා ව්‍යවසායකයන්, වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව පිහිටුවා ගන්නා ලද Ceylon Entrepreneurs Club මගින් සංවිධානය කරනු ලබන මීළග දැනුවත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් 18 වැනිදා (සෙනසුරාදා) පස්වරු 6.30ට පැවැත්වෙන බව එම සංගමය සඳහන් කරයි.

සන්නාමකරණය (Branding) යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන “ව්‍යාපාර හිමිකරුවන්, සේවකයන් හා පාරිභෝගිකයන් ඔක්කොම ගොඩයන්න Branding කරන්නේ කොහොමද?” යන තේමාව යටතේ සංවිධානය වෙයි.

දේශීය ව්‍යවසායකයන්, වෘත්තීයවේදීන් හා නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන එදින පස්වරු 6.30 සිට 8.30 දක්වා පැය දෙකක කාලයක් Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වෙයි.

වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදීම ප්‍රවීණ නිර්මාණ අධ්‍යක්ෂ ප්‍රගීත් මානියන්ගම මහතා විසින් සිදු කරනු ලබයි.

මෙම වැඩසටහන සිංහල භාෂාවෙන් පැවැත්වෙන අතර ඒ සඳහා නොමිලේ සම්බන්ධ විය බවත් සංවිධායකයන් පවසයි.

ඒ අනුව https://us02web.zoom.us/j/86744301001… යන Zoom Meeting සබැඳිය ඔස්සේ මීට සම්බන්ධ විය හැකි අතර එහිදී Meeting ID: 867 4430 1001 සහ Passcode: 852553 ලබාදීමෙන් මේ සඳහා සම්බන්ධ විය හැකිය.

එසේම https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg ඔස්සේ YouTube Live ලෙසද මෙය ප්‍රචාරය කෙරේ.

මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 0705022250 අංකයට Whatsapp පණිවුඩයක් යොමු කරන ලෙසද සංවිධායකයන් ඉල්ලා සිටියි.

Visits: 134