හේලීස් යුනිසිස්ට් වෙතින් ශිෂ්‍යත්ව 10ක්

හේලීස් සමූහයට අයත් හේලීස් යුනිසිස්ට් සමාගම (Unisyst Engineering PLC) මගින් ලොව පිළිගත් සිනෙක් කැම්පස්හි ඇලුමිනියම් ෆැබ්රිකේටර් පාඨමාලාව නොමිලේ හැදෑරීම සඳහා සිසුන් දස දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇතැයි පවසයි.

අනාගතයේදී ඇලුමිනියම් ෆැබ්රිකේටර්වරයෙකු හෝ කාර්මික ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පිරිස් සඳහා මෙම අවස්ථාව ලබා දෙන බව හේලීස් යුනිසිස්ට් සමාගම සඳහන් කරයි.

මෙහිදී ශිෂ්‍යත්වය සඳහා ඉල්ලුම් කිරිමට අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීම සහ වයස අවුරුදු 18ත් 23ත් අතර වීම මූලික සුදුසුකම් බව සමාගමෙහි අදහස වී තිබේ

මෙහිදී එම පාඨමාලාව සාර්ථකව නිමකරන්නට බලාපොරොත්තු වන්නන්ට රැකියා පුහුණුව සහ රැකියා අවස්ථාව හිමි වනු ඇති බවත් හේලීස් යුනිසිස්ට් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව info@unisystplc.com ඉමේල් ලිපිනයට හෝ මානව සම්පත් අංශය, හේලීස් යුනිසිස්ට්, නො. 400, ඩීන්ස්  පාර, කොළඹ 10 යන ලිපිනයට හෝ අයදුම්පත් එවන ලෙසද සමාගම ඉල්ලා සිටියි.

Visits: 131