ආයෝජකයන් අතරින් 99%ක් දෙනා ගැන නිමල් පෙරේරාගේ අදහස

කොටස් වෙළෙඳ පොළ සිටින ආයෝජකයින් අතරින් 99%කම පිරිසක් කැමැත්ත දක්වන්නේ යථාර්ථය දැන ගැනීමට නොව ධනාත්මක ප්‍රවෘත්ති ඇසීමට පමණක් බව මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වෙන නිමල් පෙරේරා මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිමල් පෙරේරා මහතා මේ බව පවසා තිබේ. ඒ අනුව යමෙකු මේ ඍණාත්මක යථාර්ථය කතා කළොත් ඔහු හෝ ඇය එම ආයෝජක සමාජය තුළ සතුරෙකු බවට පත්වන බවත් ඔහු සඳහන් කරයි.

“කොළඹ කොටස් හුවමාරුවේ ඉන්න 99% කම ආයෝජක ප්‍රජාව ආස කරන්නේ ධනාත්මක ප්‍රවෘත්ති අහන්න. යථාර්ථය ගැන අහන්න නෙමෙයි. හැබැයි ඔබ මේ ඍණාත්මක යථාර්ථය ගැන කතා කරන්න ගියොත් ඔබ සතුරෙකු බවට පත්වෙනවා.” ඔහු මෙහිදී පවසා තිබේ.

විශේෂයෙන්ම ආයෝජකයන්ට තමන්ගේ වත්කම් වර්ධනය කරගැනීමට විනා තමන්ගේ වත්කම් ආරක්ෂා කරගැනීමට අවශ්‍යතාවක් නොවීම ඊට හේතුව බවද ඔහු සඳහන් කර සිටියි.

“මේකට හේතුව ඔවුන්ට වුවමනා තමන්ගේ වත්කම් වර්ධනය කරගැනීම මිසක් ආරක්ෂා කරගැනීම නෙමෙයි.”

ඔහුගේ මෙම අදහස් දැක්වීම සඳහා විවිධ පිරිස් පක්ෂව මෙන්ම විපක්ෂවත් අදහස් දක්වා තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම නිමල් පෙරේරා මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් දැක්වීම් කිහිපයක්ම සිදු කර තිබුණි.  

Visits: 1244