INSEE සිමෙන්ති සමාගමත් LMD සඟරාවෙහි වඩාත් ගෞරවනීය ආයතන ලැයිස්තුවට එක්වෙයි

මෙරට ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, සුප්‍රකට LMD සඟරාවේ  2021 වසරට අදාළ ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගතකර තිබේ.

ගෝලීය වශයෙන් කීර්තිමත් නීල්සන් සමීක්ෂණ ආයතනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ, කළමනාකරණ සහ ඉන් ඉහළ ශ්‍රේණිවල වෘත්තිකයින් 800 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදු කළ සමීක්ෂණයක් මගින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කොට ඇත.

මෙහිදී දුරකථන සාකච්ඡා ඔස්සේ දත්ත රැස්කිරීම සිදු කෙරුණු අතර, එහිදී සමීක්ෂණයට සහභාගි කරගත් සෑම වෘත්තිකයෙකුටම ඔවුන්ගේ තේරීමට අනුව මෙරට ඉහළම සමාගම් 3ක් නම් කිරීම සඳහා අවස්ථාව ලබා දුන් අතර, එහිදී ඔවුන් බහුතරයක් ISEE සිමෙන්ති නාමය සඳහන් කිරීම විශේෂිතය.

ශ්‍රී ලංකාවේ ආයතනික අංශය තුළ ඉතාමත් කීර්තිමත් ඇගයීමක් වන මෙම ශ්‍රේණිගත කිරීම, INSEE සිමෙන්ති සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය  තුළ අත්පත්කරගෙන සිටින සුවිශේෂී ස්ථානය තහවුරු කරයි.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනයක් විදියට පිළිගැනීමට ලක්වීම උසස් තත්ත්වයෙන් යුක්ත, තිරසාර සහ විශ්වසනීය සේවාවක් ලබා දීම සඳහා අප සිදුකරන කැපවීම්වලට ඉතා හොඳ  සාක්ෂියක්. මෙය තිරසාර ඉදිකිරීම් ක්‍රමවේදයන්, නිසි අපද්‍රව්‍ය කළමනාකරණය වගේ ම අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා නව  ඩිජිටල් සේවාවන් හඳුන්වා දෙමින් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහෙයවීම සඳහා අප ලැබූ ඇගයීමක් විදියට මම දකිනවා. අපගේ පාර්ශවකරුවන් මෙම ජයග්‍රහණයේ පුරෝගාමී  කොටස්කරුවන් විදියට හඳුන්වා දීමට මම කැමතියි.  විශිෂ්ටත්වය සහ ගුණාත්මක භාවය ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත, තිරසාර නිෂ්පාදන ලබාදෙන නිසා මමේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයා බවට පත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා.   අපට මෙම ජයග්‍රහණය  ලබා ගැනීමට සහය වූ සැමදෙනාට වගේ ම, මෙම ඇගයීම ලබා දුන් LMD  ආයතනයටත් මගේ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.”

INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන ශක්තියක් ලෙසඅනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමදැක්විය හැකි බවත්,තම සමාගමට  මෙම ඇගයීම හිමිවීමට එය ප්‍රබල ලෙස හේතු වූ බවත් කුනිග් මහතා  තවදුරටත් අදහස් දක්වමින් පැහැදිලි කර තිබේ.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ්ආයතනය 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි.

එමෙන් ම  INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cementයන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත  සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

Visits: 89