Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හි නව සන්නාම තානාපතිනිය ලෙස යොහානි පත් කෙරේ

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි premium Galaxy Z කාණ්ඩයේ foldable smartphones” Galaxy Z Fold3 5G” Galaxy Z Flip3 5G සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත smartphones සඳහා සන්නාම තානාපතිනිය ලෙස තාරුණ්‍යයේ හද රැඳි සංගීත ශිල්පිනියක් වන යොහානි ද සිල්වා සමඟින් පසුගියදා සහයෝගීතාවයකට එළැඹුණු බව පවසයි.

යොහානි ගායිකාවක්, ගීත රචකයෙක්, රැප් ගායිකාවක් මෙන්ම පියානෝව, ගිටාරය, ට‍්‍රම්පට් සහ උකුලේලේ ආදී වාද්‍ය භාණ්ඩ වාදනය කරන බහු-වාදක ශිල්පිනියක්ද වේ. pop, rhythm and blues, hip-hop සම්බන්ධයෙන් සුවිශේෂී හැකියාවක් ඇය සතුය. YouTube හි ග‍්‍රාහකයින් මිලියන දෙක පසු කළ ලංකාවේ ප‍්‍රථම කලාකාරිනිය ද වන්නේ ඇයයි.

ඉතා ආකර්ෂණීය හා හැඩකාර Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones වෙළෙදපොලෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. වඩාත් ආකර්ෂණීය Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් තිර අත්දැකීමක් මෙන්ම දෛනික රාජකාරී කිරීමට, වැඩසටහන් ආදිය නැරඹීමට සහ විනෝද වීමට අද්විතීය නව ක‍්‍රමයන් රැසක් ඉදිරිපත් කරයි.

Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 යනු තරුණ පරිශීලකයින්ට නව විලාසිතාවට සරිලන, උසස් පෙනුමක් ඇති සහ භාවිතයට පහසු සුමට smartphone අත්දැකීමකි. Gen Z සහ තරුණ පාරිභෝගිකයින් අතර යොහානි අතිශය ජනප‍්‍රියතාවයක් ලබා ඇති අතර සැම්සුන් ඔවුන් සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා මෙම සහයෝගීතාවයට එළඹීම වඩාත් කැපී පෙනේ.

”සැම්සුන් හි නව foldable smartphone ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වන අතර සිත් ඇදගන්නා සුළු වර්ණවලින් තෝරාගැනීමට ද පුළුවන්. කැමරාවට සහ විශාල ආවරණ තිරයට මෙන්ම මෙම foldable smartphone එක අතේ ගෙන යාමට පහසු නිසා මම ඊට වඩාත් කැමතියි.” යනුවෙන් යොහානි පැවසුවාය.

 ”නවෝත්පාදනයන් සමඟ ඉදිරියට යන මෙම ගමනේදී එහි කොටස්කරුවෙකු වීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක්. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ඉතා හොඳින් සංවිධානය කර තිබෙනවා. සැම්සුන් මා වෙත ඉදිරිපත් කර ඇති පිටපතට සහ යෝජනාවලට මම ඇත්තෙන්ම කැමතියි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සාර්ථක කරගැනීමට මා දැඩි උනන්දුවකින් සිටිනවා.” යොහානි තවදුරටත් පැවසුවාය.

”යොහානි ද සිල්වා අප හා එක්කර ගැනීමට හැකි වීම ගැන අප සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට foldable smartphones හඳුන්වාදීමේ දී තරුණ පරපුර අතර ජනප‍්‍රිය චරිතයක් වන යොහානි වෙළෙඳ නාම තානාපතිවරයෙකු ලෙස සම්බන්ධ කර ගැනීමට ලැබීම ගැන ද ඇත්තටම සතුටුයි. ඊළඟ පරම්පරාවල වැඩි කැමැත්තක් foldable smartphone වෙත යොමු වන්නේ එහි ඇති openness හැකියාව නිසයි. සීමා මායිම් නොමැති අපගේ නව ප‍්‍රධාන නිෂ්පාදනවලට ගැලපෙන සන්නාම තානාපතිවරයෙකු අප සොයමින් සිටි අතර යොහානිගේ පෞරුෂය ඒ සඳහා නිසැකවම ගැලපෙන බව අපට වැටහුණා. අපගේ සන්නාම තානාපතිනි ලෙස යොහානි එක්කර ගනිමින් ශ‍්‍රී ලංකාවට foldable තාක්ෂණය හඳුන්වා දීමට මෙය කදිම අවස්ථාවක් බව අප විශ්වාස කරනවා.” යනුවෙන් සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා පැවසීය.

Visits: 111