කාර්සන් කුම්බර්බැච් වෙතින් කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම (CARS.N0000) මගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙසින්ද සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස සැප්තැම්බර් 17 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවද කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම පවසයි.

අද දිනයේ කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අවසානයේදී කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 281.50ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊයේ දිනයේ කොටසක් සඳහා පැවැති රුපියල් 283.75ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 2.25ක එනම් -0.79%ක පසු බැසීමකි.

කාර්සන් කුම්බර්බැච් පීඑල්සී සමාගම අවසන් වරට සිය කොටස්හිමිකරුවන්ට ලාභාංශ ගෙවා ඇත්තේ මේ වසරේ ජනවාරි මාසයේදීය. එහිදී සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 75ක් බැගින් ලාභාංශ ගෙවා තිබුණි. එය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් විය.

Visits: 172