ඇමෙරිකාවේ CDC ය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන ජනතාවට අනතුරු අඟවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC – US Centers for Disease Control and Prevention) විසින් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් වෙත සංචාරය කිරීම සම්බන්ධයෙන් එරට ජනතාව වෙත අනතුරු අඟවා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව ඇතුළුව එම රටවල පවතින ඉහළ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මෙම අනතුරු ඇඟවීම සඳහා හේතුව වී ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙහිදී එම අවදානම ‘4වැනි මට්ටමේ : ඉතා ඉහළ‘ අවධානමක් ලෙසද නම් කර ඇත. ඒ අනුව එම රටවලට යාමෙන් හැකි තරම් වළකින ලෙස මධ්‍යස්ථානය එරට ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර ඊයේ දිනයේදී එම මධ්‍යස්ථානය මගින් මෙතෙක් සංචරණ අනතුරු ඇඟවීම් පනවා තිබූ නෙදර්ලන්තය, මෝල්ටාව, ගිනි-බිසව් සහ එක්සත් අරාබි එමීර රාජ්‍යය යන රටවල ‘4 වැනි මට්ටමේ : ඉතා ඉහළ‘ අවධානම ‘3 වැනි මට්ටමේ : ඉහළ‘ මට්ටමට පහත හෙළා ඇත. කෙසේ වෙතත් එන්නත්කරණය සිදු කර නොගත් ඇමෙරිකානුවන්ට එම රටවලට යාමෙන් වළකින ලෙසද උපදෙස් ලබා දී ඇත.

එසේම CDC ය විසින් ඔස්ට්‍රේලියාවේ සංචරණ අවධානම ‘1 වැනි මට්ටම : පහළ‘ සිට ‘2 වැනි මට්ටම : වර්ධනය වන‘ මට්ටමට උසස් කර ඇත. මේ දක්වා එම මධ්‍යස්ථානය විසින් ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 200ක් අතරින් 80ක්ම මෙලෙස ‘4 වැනි මට්ටමේ‘ සංචරණ අවදානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

Visits: 99