ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් Cinnamon Life හි ‘The Suites’ නිවාස ගැනුම්කරුවන්ට භාරදීම ඇරඹේ

මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම වන ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම නිර්මාණය කර ඇති Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Suites’හි සුඛෝපභෝගී නිවාස එහි ගැනුම්කරුවන් වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පවසයි.

මෙම නේවාසික කුලුනට නිදන කාමර 2 ත්4ත්අතර නිවාස 196 ක් ඇතුළත් වී ඇත. මෙම කුලුනේ ඉදිකිරීම් අවසන් කර එම නිවාස පදිංචිකරුවන් වෙත භාරදීම යනු, කොළඹ නගරයේ ප්‍රමුඛතම මිශ්‍ර-සංවර්ධන ව්‍යාපෘතිය වන Cinnamon Life ව්‍යාපෘතියේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

සීඝ්‍රයෙන් වර්ධනය වන වාණිජ නගරයක් වන කොළඹ නගරයේ සුවිශේෂිතම ස්ථානයක Cinnamon Life ව්‍යාපෘතියපිහිටාඇත. මෙය සුඛෝපභෝගී බව හා සුවපහසුව සම්බන්ධයෙන් නව ආදර්ශයක් සපයමින් කොළඹ නගරයේ ජීවන රටාවන් පෙරළියකට ලක්කරනු නො-අනුමාන ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී සහ විධායක උප සභාපති නයන මාවිල්මඩ මහතා “මෙම නේවාසික කුලුනේ ඉදිකිරීම් අවසන් කිරීම සහ එම නිවාස එහි ගැනුම්කරුවන් වෙත භාරදීම මෙම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක්. විශේෂයෙන්ම පසුගිය වසරක පමණ කාලය තුළ මුහුණදීමට සිදුවූ දැඩි අභියෝගකාරී තත්ත්වයන් හමුවේ පවා අපට මෙම ඉදිකිරීම් නිසිපරිදි අවසන් කිරීමට හැකියාව ලැබුණා. ව්‍යාපෘතියේ දැක්ම ක්‍රමානුකූලව යථාර්ථයක් බවට පත්වනු දැකීම අපට මහත් සතුටක්. ඔබ මේ ව්‍යාපෘතිය දුටු විට, කොළඹ නගරයේ පෙනුම සහ එහි අනන්‍යතාව වෙනස් කිරීමට එයට ඇති හැකියාව ඔබට අවබෝධ වේවි. මෙම නිවාස වල ප්‍රථම පදිංචිකරුවන් මෙලෙස සාදරයෙන්පිළිගැනීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.” යනුවෙන් පැවසීය.

‘නගරයක් තුළ නගරයක්’ (City within a city) සංකල්පය මත පදනම්ව නිර්මාණයවුණු Cinnamon Life ව්‍යාපෘතිය කොළඹ නගරයේ සුඛෝපභෝගී ජීවන අගනගරය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එය දකුණු ආසියාවේ ජීවන විලාසිතා හා විනෝදාස්වාද කේන්ද්‍රයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වනු ඇත.  අති-නවීන පහසුකම් රාශියක් සමගින් සුවිශේෂී, සුවපහසු ජීවන රටාවක සතුට රිසි සේ අත්විඳීමට ‘The Suites’ නිවාස වල පදිංචිකරුවන්ට අවස්ථාව හිමි වේ.

සුප්‍රකට ශ්‍රී ලාංකික-බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ කතුවරයෙකු වන සෙසිල් බැල්මොන්ඩ් මහතා විසින් සැලසුම් කරන ලද Cinnamon Life ව්‍යාපෘතිය වර්ග අඩි මිලියන 4.5 ක ප්‍රමාණයක් ආවරණය කරයි. කාමර 800 කින් යුත් සුඛෝපභෝගී සිනමන් හෝටලය සහ සුඛෝපභෝගී නිවාස එකතුවට අමතරව මෙම ව්‍යාපෘතියට සුපිරි වෙළඳසැල් සහ විනෝදාස්වාද මධ්‍යස්ථාන මෙන්ම, ඉහළම ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද අති-නවීන කාර්යාලසංකීර්ණයක්ද ඇතුළත් වනු ඇත.

‘The Suites’ හි නිවාස ඇමරිකානු ඩොලර් 395,000 සිට ඉහළට මිලදීගත හැකි වේ. වැඩි විස්තර සඳහා +94-112-152152 ඇමතීම හෝ www.cinnamonlife.com වෙත පිවිසිය හැකිය.

Visits: 261