ඒෂියා කැපිටල් පීඑල්සීහි ස්ටෙෆාන් ලංකා ධීවර සංස්ථාවේ සභාපති ධුරයට

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරාය ලෙස ස්ටෙෆාන් අබේසිංහ මහාත පත් කිරීමට ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කටයුතු යොදා තිබේ.

ලංකා ධීවර සංස්ථාවේ වසර දෙකකට ආසන්න කාලයක් සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ සභාපති ධුරය සඳහා මෙලෙස ස්ටෙෆාන් අබේසිංහ මහතා පත්කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව අබේසිංහ මහතා වෙත මෙම පත්වීම ලබා දෙන අවස්ථාවේදී ලංකා ධීවර සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කරන ලද බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

අද වනවිට ස්ටෙෆාන් මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

Visits: 148