කොමර්ෂල් බැංකුව තෝරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා ‘Call & Convert’ වාරික සැලසුම් හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇතැයි පවසයි.

මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 2 353 353 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ගනුදෙනුකරුවන්ට මෙම ‘Call and Convert’ පහසුකම ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ වසර අවසන් වනතෙක් සියළුම කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් මෙම පහසුකම ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බවද සඳහන් වේ.   

මෙහිදී, ක්‍රෙඩිට් කාඞ් පතක් මගින් සිදුකරන රුපියල් 25,000 කට වඩා වැඩි සෞඛ්‍ය වියදම්, රුපියල් 20,000 කට වඩා වැඩි අධ්‍යාපන වියදම්, රුපියල් 10,000 කට වඩා වැඩි තෝරාගත් අන්තර්ජාල ගෙවීම් කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාස හයක පහසු ගෙවීමේ සැලසුමක් බවට පරිවර්තනය කළ හැකිවේ.

එසේම, රුපියල් 20,000 කට වඩා වැඩි රක්ෂණ වාරික ගෙවීමක් නාමික ගාස්තුවකට යටත්ව මාස හයක වාරික සැලසුමකට මෙහිදී පරිවර්තනය කළ හැකිබව බැංකුව සඳහන් කරයි. මෙම Call and Convert පහසුකමේ යාවත්කාලීන කළ විකල්ප සහ කොන්දේසි බැංකුවේ www.combank.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

Visits: 61