ආයෝජක විශ්වාසය ඉහළ යාම ASPI වාර්තා යළිත් අලුත් කරයි

අද (සැප්තැම්බර් 02) දිනයේදීද පෙර දිනවලදී මෙන් කොළඹ කොටස් හුවමාරුව තුළ ඉහළ ගැනුම්බරතාවක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම ශක්තිමත් සමාගම් හි කොටස් මිලදී ගැනීම සඳහා වන ආයෝජක උනන්දුව ඉහළ ගොස් තිබේ. ඒ අනුව EXPO, LOLC සහ VONE මූලික වෙමින් සමාගම් කිහිපයක සිදු වූ කොටස් වටිනාකම් ඉහළ යාම දර්ශක අගයන් දෙකම ඉහළ නැංවීමට සමත්විය.

මෙහිදී රට තුළ විදේශ විනිමය සංචිත ඉහළ යාම ආයෝජක ආකර්ෂණය ඉහළ යාමට හේතුවක් වී තිබෙන බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් මෙම ආකර්ෂණය තවදුරටත් ඉහළ යාම සඳහා සංචිත තවදුරටත් වැඩිවීම අනිවාර්යය බවද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,163.13ත් ඒකක 9,359.52ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,335.98ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 01) දිනයට සාපේක්ෂව ඒකක 172.85ක් එනම් +1.89%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව හැටන් නැෂනල් බැංකුව, හේලීස් පීඑල්සී, වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සහ කොමර්ෂල් බැංකුව යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 7.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 143ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 63ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+19.2), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+18.6), වැලිබල් වන් පීඑල්සී VONE (+17.89), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+14.3), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+11.2), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.2), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-1.84), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (-1.5), ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී CALF (-1.1), ඩිල්මා සිලෝන් ටී පීඑල්සී CTEA (-1.1යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,500.89ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 01) ‍ට සාපේක්ෂව ඒකක 72.17ක එනම් +2.10%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.03ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 01) වාර්තා කළ රුපියල් බිලියන 14.6ට සාපේක්ෂව 18% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.16ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 40.52%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 83.14ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 939.28ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 856.15කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 39.66ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්ම්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 28.1 කි. එසේම හැටන් නැෂනල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 773.97ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 3,123ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,782ක සහ රුපියල් මිලියන 2,432ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 217