Sysco LABS ගෝලීය ප්‍රවීණයන් Enterprise Mobile Development පිළිබඳව අවබෝධය සපයයි

Sysco හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka – ‘Enterprise Mobile Development – Patterns, Perils and Platforms’ යන නමින් දේශීය හා ජාත්‍යන්තර Enterprise Mobile ප්‍රවීණයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් මෑතකදී ඉදිරිපත් කළ බව පවසයි.

Patterns, Perils and Platforms Mobile තාක්‍ෂණ ලෝලීන් සමඟ පුළුල්වූ දැනුමක් එහිදී බෙදා ගැනීම සිදුව තිබේ.

නිර්මාණ ශිල්පය, පරීක්‍ෂණය, සංවර්ධනය සහ ව්‍යවසාය ආයතන විසින් භාවිතා කිරීම සඳහා විවිධත්වයෙන් යුත් විධිමත් ජංගම යෙදුමක් (Mobile App) තැනීම වැනි සවිස්තරාත්මක කරුණු අවධානයට ගැනීම සඳහා ඉඩ සැකසුන වේදිකාවක් වූ මෙම සාකච්ඡාව Sysco LABS හි ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ප්‍රධානී අශාන් ධනපාල විසින් මෙහෙයවනු ලැබිණි.

Enterprise Mobile Apps සඳහා ඉහළ යන ඉල්ලුමත් සමඟ, එවැනි යෙදුම් සැකසීමේදී විවිධත්වයෙන් යුත් විනයානුකූල ප්‍රවේශයක් අවශ්‍ය වේ. Enterprise Mobile App සැකසීමේදී සාමාන්‍ය රාමුවෙන් පිටත ගැටලු සඳහා සහාය දැක්වීමට Sysco LABS Austin හි අධ්‍යක්‍ෂ – Mobile Engineering රොබර්ට් ස්පින්වෙබර් සහ මෘදුකාංග ඉංජිනේරු චාල්ස් ‘චක්’ ඉම්පෙරටෝ සිය අත්දැකීම් හා විසඳුම් හුවමාරු කරගත්හ. මෙම ගෞරවනීය ප්‍රවීණයන් දෙදෙනා විවිධ ක්ෂේත්‍රයන් හි සැලකිය යුතු වගකීම් දැරුවන් වූ අත‍ර දශකයකට අධික කාලයක් ගෝලීය ව්‍යවසාය සමාගම් සඳහා ජංගම යෙදුම් (Mobile App) සැකසීමේ පළපුරුද්දක් ඇති අය වෙති.

Mobile Development සම්බන්ධයෙන් මහා පරිමාණයෙන් කටයුතු කිරීමේදී ව්‍යවසාය ආයතන මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව Sysco Shop Mobile App හි සාර්ථක මුදාහැරීමේ වගකීම පැවරී ඇති රොබර්ට් විස්තරත්මකව පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ “මෙහෙයුම් පද්ධතිය (Operating System) බිද වැටීම ප්‍රධාන අභියෝගයක් සහ වගකිම්සහගත බවයි. විවිධ පදනම් අනුව නිෂ්පාදකයින්ගේ සංයෝගය, ආකෘති සහ තිර ප්‍රමාණයන් සහිත වැඩි දියුණු උපාංගයන්ද වෙනස් වේ. ආයතනයක් ලෙස අපේක්ෂා කරනුලබන භාවිත කිරීම් සඳහා අවධානය යොමුකරව යුතුව ඇත.’’

රොබර්ට් තවදුරටත් මෙසේද පැවසීය. “යෙදුම් නිර්මාතෘවරුන් වශයෙන් හැකි තාක් දුරට දත්ත ආරක්‍ෂා කිරීම අපගේ යුතුකමක් වේ. මා සිතන්නේ එය ජංගම දුරකථනයේ ඇති සුවිශේෂී තාක්‍ෂණික වාසියක් බවයි.” සේවකයින් ස්වාධීන ලෙස කටයුතු කරගෙනයාම ගැන අවවාදකරමින් ඔහු පැවසුවේ, “කණ්ඩායම් තුල සන්නිවේදනය කිරීමට, එයට දිරි දීම සහ එයට පහසුකම් සැලැස්වීම තවත් එක් විශාල අභියෝගයක් බවයි.”

‘’කාර්යක්‍ෂම වීම ඉතා පැහැදිලි කාරණයක් වන අතර කුඩා කණ්ඩායම් සමඟ නිරන්තර සහයෝගීතාවයක් සහ සන්නිවේදනයක් පැවැත්වීම වඩාත් පහසු කටයුත්තකි. අපේ යෙදුම කුඩා අංශ වලට වෙන්කිරීමෙන් (Modularizing) අපට ආවේණික යම් පරිමාණයක හැකියාවක් ලබා ගත හැකි අතර යම් කාර්‍යයක් කරන විට හැකි තරම් ස්වාධීනව කණ්ඩායම්වලට වැඩ කිරීමට ඉඩ සලසයි.’’ Enterprise Mobile Architecture හි වැදගත් කම කෙසේද යන ගැටලුවට පිළිතුරු දෙමින් චක් පැවසුවේය.

මෙම සැසියේදී සාකච්ඡා කළ සංකල්ප, මෙවලම් සහ රාමු ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා https://youtu.be/lztwpUpAKMg වෙත පිවිසෙන්න. ඉදිරි සාකච්ඡා සහ සිදුවීම් ගැන දැන ගැනීම සඳහා www.facebook.com/syscolabssl වෙත පිවිසෙන්න.

Visits: 60