SAMSUNG Galaxy A Series හි ප්‍රථම 5G ජංගම දුරකතනය ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් වසර දෙකක මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ සිය පොරොන්දුව සමඟ නවතම 5G අත්දැකීම සඳහා වන 11 bands’ තාක්ෂණය සහිත Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දුන් බව පවසයි.

සැම්සුන්ග් Galaxy A Series නිෂ්පාදන පෙළෙහි 5G සම්බන්ධතාවය සහිත ප‍්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය වන එය smartphone පාරිභෝගිකයන් වෙත අසමසම අත්දැකීමක් එක් කරනු නොඅනුමානය. විශේෂයෙන් 6.6” FHD සහ 90Hz refresh rate සහිත තිරයකින් මෙන්ම 48MP බහු කාර්ය ත‍්‍රිත්ව කැමරාවකින් සන්නද්ධ Galaxy A22 5G ආකර්ෂණීය නිමාවකින් මෙන්ම 5000mAh අධිබල බැටරියකින්ද, මෙතෙක් අත් නොදුටු තවත් බොහෝ විශේෂාංගයන්ගෙන්ද සමන්විත නවතම නිෂ්පාදනයක් ලෙස සඳහන් කළ හැකිය. 

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන්ග් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා සඳහන් කර සිටියේ ‘‘නවතම Galaxy A22 5G smartphone එක හඳුන්වා දීම තුළින් සියලූ පාරිභෝගිකයන්ට ගැලපෙන නවීන පන්නයේ නිෂ්පාදනයන් හඳුන්වාදීමේ සැම්සුන්ග් හි දර්ශනය නැවත නැවතත් යථාර්තයක් බවට පත් කිරීමට අපට හැකි වුණා. 5G තාක්ෂණය සහිත ප‍්‍රථම smartphone එක වන මෙය අපගේ 5G උපාංගයන් අතර සියලූ පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි දුරකතනය ලෙසද පෙන්වා දිය හැකියි.

වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය සුමට 90Hz තිරයකින් මෙන්ම බහුකාර්ය කැමරාවකින්ද, වේගවත් හා කාර්යක්ෂම ප්‍රොසෙසරයකින්ද සමන්විතයි. විශේෂයෙන් 11 bands’ තාක්ෂණය හා මෙහෙයුම් පද්ධතිය වැඩි දියුණු කිරීමේ වසර දෙකක පොරොන්දුව නිසාම අනාගතයට ගැලපෙන smartphone එකක් සොයන පාරිභෝගිකයන් හට මෙය කදිම තේරීමක් වනු ඇති බවට විශ්වාසයි.’’ යනුවෙනි.

ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, gaming සඳහා මනාව ගැළපෙන 90Hz refresh rate වේගයකින් යුත් 6.6″ FHD+ Infinity-V විශේෂාංගයන්ගෙන් සැදුම් ලත් ආකර්ෂණීය තිරයක් Galaxy A22 5G සතුය..

මනස්කාන්ත ඡායාරූප සඳහා  සුවිශේෂී බහුවිධ ත‍්‍රිත්ව කැමරාවක් සහිත Galaxy A22 5G හි පිටුපස ඇති 48MP ප‍්‍රධාන කැමරාව මගින් දවසේ  ඕනෑම වේලාවක සුපැහැදිලි හා ඉහළ ධාරිතාවයකින් යුත් ඡායාරූප ලබා ගැනීමේ පහසුව අත්කර දෙනු ලබයි.

අළු සහ වයලට් යන වර්ගයන්ගෙන් වෙළෙඳපොලට පැමිණෙන Galaxy A22 5G පරිශීලකයන්ට තමන්ගේ අදහස් හා අනන්‍යතාව ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාවද සලසා දී ඇති අතර දුරකතනයේ ඇති සුමට හා පාරිභෝගිකයාගේ අතට මනාව ගැලපෙන නිමාව එහි ආකර්ෂණීය බව තවත් ඉහළ නංවනු ඇත.

MediaTek Dimensity 700 තාක්ෂණයෙන් බලගන්වනු ලබන processor එකකින් සමන්විත විවිධ යෙදුම් භාවිතයේදී සහ සෙවීමේදී එහි ප‍්‍රශස්ත කාර්ය සාධනය, බහුකාර්ය හැකියාව හා ක‍්‍රියාකාරීත්වය මෙන්ම අවම බල ශක්ති පරිභෝජනය මනාව ප‍්‍රදර්ශනය කරනු ලබයි.

වැඩිම 5G උපාංග හා වැඩිම පේටන්ට් බලපත‍්‍ර සංඛ්‍යාවක අයිතිය සහිත සැම්සුන්ග් 5G ජාල සඳහා වන යටිතල පහසුකම් සපයන ලොව ඉහළ පෙලේ සමාගමක් ලෙස සඳහන්කළ හැකිය. Galaxy A22 5G smartphone සමඟ   A-Series ස්මාර්ට් ජංගම දුරකතනයන්හි ප‍්‍රථම 5G තාක්ෂණය සහිත දුරකතනය හඳුන්වා දීමේ ගෞරවය හිමි කරගෙන ඇති සැම්සුන් 5G සම්බන්ධතාව මධ්‍යම මට්ටමට ගෙන ඒමට කටයුතු කර ඇත්තේ පාරිභෝගිකයා වෙත සමීප කරවමිනි.

රුපියල් 54,999/- වන Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය 6GB + 128GB දක්වා විවිධ මතක ධාරිතාවන්ගෙන් මිලදී ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයා වෙත උදා කර දී ඇත. දිවයින පුරා විහිදුණු බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙන්ම පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයෙන් සැම්සුන් වෙළෙඳ ලකුණ ප‍්‍රදර්ශනය කර ඇති John Keells Office Automation හා Softlogic Mobile Distribution බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් Galaxy A22 5G ස්මාර්ට් ජංගම දුරකතනය පහසුවෙන් මිලදී ගත හැකිය.

මීට අමතරව Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව සැම්සුන්ග් e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද මෙය මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී ඇත.

Visits: 105