මෙතෙක් ඉහළම ASPI අගය සහ රු. ට්‍රිලියන 4ක වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයක් වාර්තා කරයි

අද (අගෝස්තු 31) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුව තුළ දර්ශක අගයන් දෙකම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරිණි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටස් කොටසක අගය 17.5%කින් ඉහළ නැගි අතර, එය සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 111ක් සහ දිනයේ සමස්ත පිරිවැටුමෙන් 46%ක් සඳහා දායක වී තිබේ. මේ අතර දිනයේ අවසන් භාගයේදී බැංකු කොටස් අගයන්ද යම් ඉහළ යාමක් පෙන්නුම් කළ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මෙහිදී එතෙක් මෙතෙක් කොළඹ කොටස් හුවමාරුව තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) වාර්තා කළ ඉහළම අගය මෙන්ම, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පළමුවරට රුපියල් ට්‍රිලියන 4ක් ඉක්මවීමද අද දිනයේදී සිදුවිය.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,831.79ත් ඒකක 9,042.20ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,997.60ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 30) දිනයට සාපේක්ෂව ඒකක 103.16ක් එනම් +1.16%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, වින්ඩ්ෆෝර්ස් පීඑල්සී, සම්පත් බැංකුව සහ සණස සංවර්ධන බැංකුව යන සමාගම්වල සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 2.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 99ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 83ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+110.8), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+5.7), කොමර්ෂල් බැංකුව COMB (+4.5), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (+3.5), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.9), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-3.6), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-3.5), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-2.8), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-2.7යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,375.73ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 30දා) ‍ට සාපේක්ෂව ඒකක 65.36ක එනම් +1.97%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.86ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 30දා) වාර්තා කළ රුපියල් බිලියන 12.85ට සාපේක්ෂව 16% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.01ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 35.43%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 135.09ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 131.56ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.53කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.96ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 50.89 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 42.61ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,964 සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 46%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,910ක සහ රුපියල් මිලියන 1,247ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 458