ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් ගමන් පිළිබඳව IATA සෞඛ්‍ය සහ ආරක්‍ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය එහි වටිනා මගීන්ගේ සහ ගුවන් කාර්යමණ්ඩලයේ උපරිම ආරක්‍ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ අරමුණින් සිය ගුවන් ගමන්වල දී ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍යාරක්‍ෂිත හා ආරක්‍ෂිත පියවරයන් හි ඵලදායීතාවය පිළිබඳව විස්තර කර සිටියි.

එසේම “ගුවන් යානයක් තුළ දී COVID-19 වැළඳීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බව” ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) නිවේදනයක් මඟින් පෙන්වා දෙන බවත් පවසයි. (https://www.iata.org/en/youandiata/travelers/health/low-risk-transmission/)

කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිටම ගුවන් සේවය ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නියම කරන ලද දැඩි සෞඛ්‍ය හා ආරක්‍ෂක නියාමන පියවරයන් යටතේ වන අතර ගුවන් සේවය ක්‍රියාත්මක වන රටවලට අදාළ ගුවන් සේවා අධිකාරීන් පෙන්වා දෙන නියාමනයන් සමඟ ද පූර්ණ අනුගත වීමකින් ගුවන් සේවය කටයුතු කරයි.

ගුවන් සේවය සිය සාමාජිකයින්ට ප්‍රමුඛතා පදනම මත එන්නත් ලබා දෙමින් ප්‍රගතිශීලී පියවරක් ගත් අතර රට පුරාම එන්නත් කිරීමේ වැඩ සටහනෙහි කාලරාමුවලට වඩා එය ඉදිරියෙන් සිටියේය. ඒ අනුව, ගුවන් සේවය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 පෙබරවාරි මාසයේ දී ආරම්භ කළ අතර ගුවන් සේවා සත්කාරක කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපල සේවා, ඉංජිනේරු, ආරක්‍ෂක, ටිකට් කාර්යාලය සහ අලෙවි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ප්‍රධාන සාමාජිතයින් ඇතුළු සේවකයින් 4,500 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත් ලබා දී ඇත. මේ වන විට ගුවන් කාර්යමණ්ඩලයෙන් 95% ක සහ ගුවන් මෙහෙයුම් කාර්යමණ්ඩලයෙන් 90% ක් පමණ පිරිසකට නිර්දේශිත මාත්‍රා එන්නත් ලබා දී තිබේ.

සෑම ගුවන් ගමනකට පෙර ශ්‍රීලංකන් ගුවන් යානා විශේෂිත සනීපාරක්‍ෂණ ක්‍රියාවලියකට භාජනය කරන අතර සියලුම ගුවන් යානා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් වාතය පිරිසිදු කරන High Efficiency Particulate Air filters වලින් සමන්විතයි. IATA තවදුරටත් සඳහන් කරන්නේ, “ගුවන් යානය තුළ තිබෙන වාතය සැඳී ඇත්තේ අර්ධ නැවුම් වාතය සහ අඩක් අධික කාර්යක්ෂමතාවයෙන් යුත් High-Efficiency Particulate Air (HEPA) වාතයෙන් වන අතර එහි බැක්ටීරියා සහ වෛරස් වලින් 99.993% ක් ඉවත් කරන බවයි.

මීට අමතරව , කොළඹ ඇතුළු එහි ජාලය හරහා ක්‍රියාත්මක වන සෑම ස්ථානයකින්ම, ගුවන් යානයට පිටත්ව යාමට පෙර සියලුම මගීන් සෘණාත්මක PCR හෝ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයක් තිබීම අනිවාර්යය වන අතර උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ස්ථාන කිහිපයකම උෂ්ණත්ව පරීක්‍ෂණය සිදු කළ යුතුය. යම් ආකාරයක වෛයිරසය ඇති වීම වැළැක්වීම සඳහා හුවමාරු කරගන්නා භාණ්ඩ ලබාදීම ද ගුවන් සමාගම ද සීමා කර ඇත.

ගුවන් ගමනේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර, කාර්ය ම මණ්ඩලය PPE (පුද්ගලික ආරක්‍ෂක උපකරණ) වලින් සමන්විත වන අතර එයට හිස් ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම, අත්වැසුම් සහ සපත්තු ආවරණ ඇතුළත් වේ. 2021 අගෝස්තු මස 5 සහ 6 දින IATA විසින් ප්‍රකාශයට පත් කරන ලද COVID 19 ගමනාන්තවලට අදාල ගුවන් සංචරණයේ දී මහජන සෞඛ්‍ය පියවර සහ අවදානම් තත්වයන් සම්බන්ධයෙන් නිවේදනය‌ට අනුව පෙන්වා දෙන්නේ “ගෝලීය වශයෙන් සියලුම දෙනා මුහුණු ආවරණ පැළඳීම මගින් වෛයිරසය පැතිරීම වැළැක්විය හැකි බවත් එය ඵලදායී ආරක්ෂාවක් සේ පෙනෙන බවයි”.

කෙසේ වෙතත්, අදාල නියාමන අධිකාරිය වලට අවශ්‍ය වන්නේ නම් වෙනත් ක්‍රමවේද භාවිත කිරීමට සිදුවන අතර ගෝලීය වශයෙන් පිළිගත් සමහර ගුවන් සමාගම් මේ වන විටත් ගුවන් කාර්ය මණ්ඩලය මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳ සිටීම තෝරාගෙන ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond” ප්‍රමිතිය ද පසුගියදා හිමි විය. එම තත්ත්වය ලබා ගත් දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය බවට ජාතික ගුවන් සේවය පත් වූ අතර දැනට එම ගෞරවනීය ස්ථරයට අයත් ගෝලීය ගුවන් සේවා 15 න් එකක් බවට ද පත් විය.

ශ්‍රීලංකන් ගුවන් සේවය එහ සෑම ගුවන් ගමනක දී ම එහි වටිනා මගීන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ යහපැවැත්ම සුරක්‍ෂිත කිරීම සඳහා දැඩි පියවර අනුගමනය කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂිත පියවර ගැන වැඩිදුර දැන ගැනීම සඳහා පහ. ලිපිනය හා සම්බන්ධ වන්න. https://www.srilankan.com/en_uk/coporate/covid-update

Visits: 40