ඇඩ්වොකාටා ගෙන එන ‘The Role of Trade in Economic Recovery in Sri Lanka’ අද සවස 4.00ට ENBSL ඔස්සේ සජීවීව

මෙරට මුල් පෙළේ බුද්ධි මණ්ඩපයක් වන ඇඩ්වොකාටා ආයතනය (Advocata Institute) මගින් ඉදිරිපත් කරන DeepDive සංවාද මාලාව යටතේ අද (අගෝ 30දා) The Role of Trade in Economic Recovery in Sri Lanka නමින් සංවාදයක් පැවැත්වෙන බව පවසයි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් කාර්යාලයේ සහයෝගිතාවයෙන් පැවැත්වෙන මෙම සංවාදය අද පස්වරු 4.00 සිට 6.00 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

Zoom වැඩසටහන හරහා පැවැත්වෙන මෙම සංවාදය ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ ෆේස්බුක් පිටුව ඔස්සේද සජීවීව විකාශය කිරිමට කටයුතු යොදා තිබේ.

මෙම සංවාදය සඳහා මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරාල, ආචාර්ය සරත් රාජපතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි සහ ලෝක වෙළෙඳ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාරත්න සිල්වා යන මහත්වරුන් සම්පත්දායකත්වය ලබාදිමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන මෙහෙයවීම ඇඩ්වොකාටා ආයතනයේ, පර්යේෂණ කළමනාකා අනීතා වරුසවිතාන විසින් සිදු කරනු ලබයි.

Visits: 52