SAMSUNG Next-Gen Foldable ස්මාර්ට් ජංගම දුරකතනය ළඟදීම ශ්‍රී ලංකාවට

සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් විශ්වසනීය නම්‍යශීලී ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලේ නවමු පරිච්ෙඡ්දයක් අරඹමින් පසුගියදා Galaxy Z Fold3 5G (ප‍්‍රථම වරට S Pen ආධාරයෙන් මෙහෙයවනු ලබන foldable smartphone) සහ Galaxy Z Flip3 5G smartphone ගෝලීය වශයෙන් හඳුන්වා දෙන ලද බව පවසයි.

මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ලබන මාසයේ සිට ඉතා තරගකාරී මිලක් යටතේ මෙරට smartphone පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වා දීමටද සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් කටයුතු කර ඇත.

මෙහිදී හඳුන්වාදෙනු ලැබූ අඟල් 7.6ක ප‍්‍රමාණයෙන් යුත් Galaxy Z Fold3 ස්මාර්ට් ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් 1,799.99ක මිලකට ගෝලීය වශයෙන් මිලදී ගත හැකි අතර අඟල් 6.9ක් පමණ විශාලත්වයෙන් යුත් Galaxy Z Flip3 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් ඩොලර් 999.99ක් මිලකට මිලදී ගත හැකියි. ශ‍්‍රී ලංකාවේදී එය මිලදී ගත හැකි මිල පිළිබඳව ඉදිරියේදී සිය පාරිභෝගිකයන් වෙත දැනුම් දීමට සැම්සුන්ග් කටයුතු යොදා ඇත.

මෙම නවතම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි ජංගම දුරකතන සන්නිවේදන ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධානී ආචාර්ය ටී. එම්. රෝ මහතා ‘‘නවතම Galaxy Z Fold3 සහ Z Flip3 smartphones සමඟ foldable smartphone භාවිතා කිරීමේ අවස්ථාව නැවත වරක් ලොවට ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් වත්මන් අතිධාවනකාරී ලෝකයට අවශ්‍ය නම්‍යශීලී හා බහු කාර්යය හැකියාවන් සහිත මෙම නිෂ්පාදනය තුළින් ස්මාර්ට් දුරකතන පරිශීලකයන් සවිබල ගැන්වීමට හැකියාව උදාවනවා’’ යනුවෙන් පැවසුවේය.

නවතම Counterpoint පර්යේෂණ වාර්තාවන්ට අනුව සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් foldable smartphone වෙළෙඳපොලෙහි 88%ක කොටසක් මේ වසරේදී හිමි කරගනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි. එසේම ගෝලීය වශයෙන් මෙම foldable smartphone වෙළෙඳපොල වසරකට පෙර සිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර 2021 වසරේදී ඒකක මිලියන 9ක් දක්වා ගමන් කරනු ඇතැයිද එම සමීක්ෂණ වාර්තාව සඳහන් කර සිටියි.

අඟල් 7.6ක විශාලත්වයකින් යුතු පරිපූර්ණ Infinity Flex තිරයකින් සහ S Pen ආධාරයෙන් ක‍්‍රියා කළ හැකි foldable smartphone එකක් ලෙස ප‍්‍රථම වරට හඳුන්වා දී ඇති Z Fold3 ස්මාර්ට් ජංගම දුරකතනය 12GB RAMc සමඟ 256GB අභ්‍යන්තර මතක ගබඩා ධාරිතාවයකින් යුතුව මිලදී ගැනීමේ අවස්ථාවද සැම්සුන්ග් ඉලෙක්ට්‍රොන්ක්ස් විසින් උදා කර දී ඇත. මේ සඳහා වන S Pen වෙනමම මිලදී ගැනීමටද මෙහිදී අවස්ථාව සැලසේ.

12MP තියුණු පසුපස කැමරා 3කින් සමන්විත Z Fold3 සතුව 10MP සෙල්ෆි කැමරාවක්ද වේ. එසේම  එහි ඉදිරිපස තිරය යටින් 4MP කැමරාවක්ද පිහිටා තිබීම පරිශීලකයන්ට නවමු අත්දැකීමක් එක් කරනු ඇත.

තවද foldable smartphone ඉතිහාසයේ ප‍්‍රථම වරට ජලයට ඔරොත්තු දෙන IPX8 තාක්ෂණයෙන් යුත් Z Fold3 සහ Z Flip3 IPX84 ස්මාර්ට් ජංගම දුරකතනය වර්ෂාවකදී වුවද කරදරයකින් තොරව භාවිතා කිරීමේ පහසුව පරිශීලකයන්ට අත්කර දෙයි.

Phantom Black, Phantom Green හා Phantom Silver යන වර්ණයන්ගෙන් මිලදී ගත හැකි Z Fold3 ස්මාර්ට් ජංගම දුරකතනය Android 11 තාක්ෂණයෙන් යුතු වන අතර ඒ සඳහා eSIM එකක් සහ නැනෝ සිම් 2ක් භාවිතා කළ හැකි වීම ද විශේෂත්වයකි. එසේම ඉක්මණින් ආරෝපණය වීමේ හැකියාව සහිත 4,400mAh (සාමාන්‍ය) ප‍්‍රමාණයේ ද්විත්ව බැටරියක් ද එය සතුය.

එසේම මෙම නවතම ස්මාර්ට් උපාංගයන් Galaxy smartphone සඳහා භාවිතා කරන ශක්තිමත්ම ඇලූමිනියම් වර්ගය වන නව ආමර් ඇලූමිනියම්වලින් නිපදවා තිබීම සහ එහි තිරය Corning Gorilla Glass Victus තාක්ෂණයෙන් නිර්මාණය කර තිබීම හේතුවෙන් දුරකතනයට සිදුවන සීරීම්වලින් එය ආරක්ෂා වන බව සමාගම පවසයි.

Visits: 73