John Keells Properties වෙතින් TRI-ZEN නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී මූල්‍ය විසඳුම්

අනාගත නිවාස ගැනුම්කරුවන්ට නාගරික ප්‍රදේශ වලින් නිවාස මිලදීගැනීම වඩාත් පහසු කිරීම සඳහා ‘Freedom Mortgages’ නමින් නිවාස ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට John Keells Properties සමාගම කටයුතු කර ඇතැයි පවසයි.

කොමර්ෂල් බැංකුව,DFCC බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව සමග එක්වී මෙම නිවාස ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත. John Keells Properties සමාගමේ ව්‍යාපෘතියක් වනTRI-ZENනිවාස සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස සඳහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස ණය පහසුකම් ලබාගත හැකි වේ.

පොලී අනුපාතයන් අඩුවීම සහ ස්ථාවර ආදායමක් ලැබෙන ආයෝජන ක්‍රමවේදයන්සීමිත වීම වැනි සාධක නිසා, කොළඹ නාගරික සීමාව තුළ නිවාස සඳහා ආයෝජනය කිරීමට මේ වනවිට බොහෝ දෙනෙක් උනන්දු වෙති. එම ආයෝජකයන් ඉලක්ක කරගෙන,ක්ෂේත්‍රයේ ප්‍රථම වරට මූල්‍ය ආයතනය කිහිපයක් සමග එක්වී හඳුන්වා දී ඇති මෙම නිවාස ණය යෝජනා ක්‍රමය, එම ආයෝජකයන්ට තම නිවාස සිහිනය සැබෑ කරගැනීම සඳහා ආකර්ෂණීය තෝරාගැනීම් කිහිපයක්ම ලබාදෙයි. TRI-ZEN යනු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම සහ John Keells Holdings PLC අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාවට නංවා ඇති, දැනටමත් විශාල ඉල්ලුමක් පවතින නිවාස ව්‍යාපෘතියක් වන අතර එහි ඉදිකිරීම් 2023 වසරේදී අවසන් වීමට නියමිත ය.

ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් නිවාස ණය පහසුකම් ලබාදෙන‘Freedom Mortgages’ නිවාස ණය යෝජනා ක්‍රමයේදී වසර 2 ක් සඳහා පොලිය අය නොකෙරේ. ඒ අනුව, මූලික ගෙවීම වන 20% ක මුදල ගෙවීමෙන් අනතුරුව ගැනුම්කරුවන් වසර 2 ක් යනතුරු කිසිදු ගෙවීමක් සිදුකළ යුතු නැත. 7% සිට ඉහළට ආකර්ෂණීය පොලී අනුපාතයන් යටතේ ණය ලබාගත හැකි අතර, අවම මූලික ගෙවීමක් සමගින් තමන්ට කැමති නිවාස ණය පැකේජය තෝරාගැනීමට නිවාස ගැනුම්කරුවන්ට අවස්ථාව හිමි වේ. මෙම නිවාස ණය යෝජනා ක්‍රමයට එක්වී සිටින බැංකු තුනම, රට පුරා ශාඛාවන් විවෘත කර ඇති, විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබාදෙන බැංකු වන අතර, ගැනුම්කරුවන්ට මෙම බැංකු අතරින් තමන් කැමති බැංකුවක් වෙතින්  ණය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්,John Keells Propertiesසමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා මෙසේ පැවසී ය. “නිවාස ණය යෝජනා ක්‍රම යනු කෙනෙකුට තමන් කැමති ආකාරයට, ඉතාමත් පහසුවෙන් තම අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට අවස්ථාව සලසා දෙන විසඳුමක්. කොළඹ නගරය යනු රටේ ප්‍රධානතම වාණිජ නගරය වුණත්, බොහෝ දෙනෙකුට කොළඹ නගරයෙන් දේපළ මිලදී ගැනීමට අපහසුයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප ‘Freedom Mortgages’ යෝජනා ක්‍රමය නිර්මාණය කළා. නාගරික ජීවිතයක් වෙනුවෙන් සිහින දකින්නන් උදෙසාසහනදායී මිලගණන් යටතේ මිලදීගත හැකි, උසස් ප්‍රමිතියෙන් යුත් නිවාස ඉදිකිරීම සම්බන්ධ අපගේ දැක්ම හොඳින් වටහාගත්, රටේ ප්‍රමුඛතම හා ජනප්‍රියම බැංකු තුනක් සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. පහසුව හා සුඛෝපභෝගී බව ඇතුළු සාධක රැසක් එක්තැන් කරන TRI-ZEN ව්‍යාපෘතිය, නාගරික ජීවිතයක් වෙනුවෙන් බොහෝ දෙනෙකු දකින සිහින යථාර්ථයක් බවට පත්කරන නිවාස ව්‍යාපෘතියක් වේවි.”

කොළඹ 03 යුනියන් පෙදෙසේ පිහිටා ඇති, මහල් 53 කින් සමන්විත TRI-ZEN ව්‍යාපෘතිය, නිදන කාමර එක, දෙක හා තුන බැගින් වන සුඛෝපභෝගී නිවාස 891 කින් සමන්විත වේ. ‘Smart-living’ ප්‍රවණතාවට අයත් විශේෂාංග ඇතුළුව නවීනතම තාක්ෂණයන් හා පහසුකම් රැසක් ඊට ඇතුළත් වනු ඇත. පොදු ප්‍රවාහන සේවා මධ්‍යස්ථාන, කාර්යාල, ජනප්‍රිය පාසල්, රෝහල්,සුපිරි වෙළඳසැල් ඇතුළු පහසුකම් රැසකට නුදුරින් පිහිටා ඇති නිසා, මෙය නාගරික ජීවිතයේ පහසුව හා ප්‍රතිලාභ සිත් සේ අත්විඳීමට ලැබෙන කදිම අවස්ථාවකි.

TRI-ZEN නිවාස සහනදායී මිලගණන් යටතේ මිලදී ගැනීමට හැකි වීම සහ, ඒ සඳහා අවශ්‍ය මුදල්’Freedom Mortgages’ ණය යෝජනා ක්‍රමය භාවිතා කරමින් පහසුවෙන් සපයා ගැනීමට හැකිවීම යනාදී සාධක නිසා, දැනටමත් ගැනුම්කරුවන් අතර මෙම නිවාස සම්බන්ධයෙන් විශාල උනන්දුවක් පැනනැගී ඇත. ඒ සම්බන්ධයෙන්, John Keells Properties සමාගමේ විකුණුම් ප්‍රධානී නදීම් ශම්ස් මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “මේ දක්වා අප වෙත ලැබුණු ප්‍රතිචාර අප සැබැවින්ම දිරිමත් කරනසුලුයි. මීට පෙර සිදු නොවූ ආකාරයේ හවුල්කාරීත්වයක් හරහා හඳුන්වා දී ඇති ‘Freedom Mortgages’ ක්‍රමය නිසා, මුල්ම වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සහ නගරයෙන් නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන ගැනුම්කරුවන් අතර විශාල උනන්දුවක් ඇතිවී තිබෙනවා. මේ ආකාරයට තමන්ට ගැළපෙන හා පහසු ආකාරයට නිවාස ණයක් ලබාගෙන නිවසක් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන්ට අවස්ථාව සලසා දීමට John Keells Properties සමාගම සහ රටේ ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් එකඟත්වයකට පැමිණීම, රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඉතාමත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මා දකිනවා.”

මේ සම්බන්ධ වැඩිදුර විස්තර +94702294294  අංකයෙන් John Keells Properties සමාගම ඇමතීමෙන් හෝ www.trizen.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Visits: 194