“තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ” – රාජ්‍ය ඇමති කබ්රාල්

රට තවදුරටත් වසා තැබීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව ප්‍රාග්ධන වෙළෙඳ පොළ, මුදල් සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අදහස් දැක්වීමක් සිදු කරමින් ඔහු මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දීමට නොහැකි බව ඔහු පවසා ඇත.

“තවදුරටත් රට වැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. ජනගහනයෙන් අඩකට මේ අගුළු දැමීමේ විපාක වලට මුහුණ දෙන්නට බැහැ.” ඔහු සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රාජ්‍ය අමාතවරයා, “සුළු සහ මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට මෙයින් ඇතිවෙන පීඩාව තවදුරටත් දරාගන්නට බැහැ. රටේ සාර්ව ආර්ථික සාධක කම්පාවට පත් වෙනවා.” යනුවෙන්ද පවසා ඇත.

ඒ අනුව මේ හරහා දිගුකාලීන ආර්ථික හානිය දැවැන්ත බවද කබ්රාල් මහතා මෙහිදී සඳහන් කර තිබේ.

“දැඩි සෞඛ්‍ය රීති ක්‍රියාත්මක කරනවාත් සමඟම, රට විවෘතව තිබිය යුතුයි. රාජකාරි, ව්‍යාපාරික සහ අනිකුත් කටයුතු අඛණ්ඩව සිදුවිය යුතුයි.” යනුවෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 118