99x නැවත වරක් ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ ද විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස ශ්‍රේණිගත වෙයි

99x ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව 9 වන වරටත් ආසියාව තුළ පස්වන වරටත් ලැයිස්තුගත වී තිබෙන අතර එහිදී ආසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම් 100 ක් අතුරින් 17 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට ද සමාගමට හැකිවූ බව පවසයි.

ආසියාවේ විශාලතම සේවක අත්දැකීමක් වන, කලාපයේ විශිෂ්ටතම සේවා ස්ථාන තෝරා ගැනීම සඳහා වන සමීක්ෂණය සඳහා ආසියාවේ සහ මැද පෙරදිග රටවල් 16 ක මිලියන 3.3 කට අධික සේවක සේවිකාවන් පිරිසක් සහභාගී විය. පසුගිය අවුරුදු දෙක තුළ සිදු කරන ලද ඇගයීම්වලින් ශ්‍රී ලංකාවෙන් තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 14 අතරට 99x සමාගම ද ඇතුලත් විය.

”තෘප්තිමත් හා ප‍්‍රීතිමත් සේවකයින් පිරිසක් ඉහළ ව්‍යාපාරික ඵලදායීතාවක් සදහා හේතුවන බව වසර ගණනාවක් තිස්සේ අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. අපි විශ්වාස කරන්නේ අපගේ ගනුදෙනුකරුවන් රැකබලා ගැනීමට පෙර සේවකයින් රැකබලා ගැනීමට මුල්තැන දිය යුතු බවයි. මෙය සනාථ කරමින් 2020 දී කොවිඞ් වසංගතය විසින් සියල්ල අඩපණ කල අවස්ථාවකද අප ආයතනය සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන ගියේද අපගේ සේවකයින්ව සේවා ස්ථාන සංස්කෘතිය විසින් මනාව මෙහෙයවනු ලැබූ නිසයි. Great Place to Work ශ්‍රේණිගත කිරීම තුළ සෑම වසරකම 99x සමාගම ඉහළ ස්ථානයක රැඳී සිටීම අප ලැබූ විශාල ජයග‍්‍රහණයක් වන අතර මෙම වසරේදී ද නැවත වරක් ලැයිස්තු ගත වීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා.” යනුවෙන් 99x නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරි මනෝ සේකරම් මහතා පැවසුවේය.

The Great Place to Work මගින් දෘෂ්ටි කෝණයන් දෙකක් ඔස්සේ සේවා ස්ථාන සංස්කෘතිය පිළිබදව සලකා බලයි: ඉන් එකක් නම් සේවක දෘෂ්ඨි කෝණයයි. එමගින් විශ්වාස දර්ශක සමීක්ෂණය උපයෝගී කරගනිමින් සේවා පළපුරුද්ද පිළිබඳ සේවකයින්ගේ අවබෝධය සලකා බැලේ. අනෙක නම් කළමනාකරුගේ දෘෂ්ටිකෝණයයි. එමගින් පුද්ගල චර්යාව තුළින් අදහස් කරන අන්තර් ක‍්‍රියාකාරීත්වයේ ගුණාත්මකභාවය කළමනාකරණය විසින් තහවුරු කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික විගණන මෙවලම භාවිතයෙන් ඇගයීමට ලක් කෙරේ.

”සේවකයින්ගේ ප‍්‍රතිචාර ලබා ගැනීමෙන් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකිරීම තුළින් තමන්ව හඳුනා ගැනීමට අවස්ථාව ලැබීම ගැන අප 99x ප‍්‍රශංසා කරනවා.” යනුවෙන් Great Place to Work හි ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී ක්ෂණිකා රත්නායක මහත්මිය පැවසුවාය. 99x සමඟ වැඩ කිරීමට හෝ ව්‍යාපාර කිරීමට අදහස් කරන ඕනෑම අයෙකු සැලකිය යුතු තීරණාත්මක ඉහළ කාර්යසාධන සංස්කෘතියක දර්ශකයක් වන මෙම ශ්‍රේණිගත කිරීම් තුළින් තමන්ගේම සේවකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාව සහ අර්ථවත් වටිනාකම්, ඵලදායි නායකයින් සහ මානුෂීය හැකියාව උපරිම කිරීම තුළින් විශිෂ්ටතම සේවා ස්ථානයක් නිර්මාණය කරන බව අවබෝධ කරගත හැකියි.” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

වසංගතයේ මුල් අවධියේ සිට 99x ප‍්‍රායෝගික ස්ථාවරත්වයක් අනුගමනය කළ අතර, පසුගිය වසරේ රට අගුලූ දැමීමට පෙර සිටම සමාගමේ සේවක සේවිකාවන් ඉක්මනින් නිවෙස් වෙත පිටත්කිරීමේ සිට  ඕනෑම පිරිවැයක් දරමින් සියළුම රැකියා සුරක්ෂිත කිරීම කෙරෙහි සිය මූලික අවධානය යොමු කළේය. ඵලදායිතාව සහ පාරිභෝගික තෘප්තිය පවත්වා ගෙන යන අතරම, සමාගම සේවකයින්ගේ යහපැවැත්ම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ අතර, විවිධ ක‍්‍රියාකාරකම් ආරම්භ කරමින් සහ අසීරු අවස්ථාවන්හිදී තම ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට මානසික නිදහස ලබා දීම සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබා දුන්නේය.

සමාගම අඛණ්ඩව දෙවන වරටත් 2021 දී ලංකාවේ හොඳම තොරතුරු තාක්ෂණ/ITeS සේවා ස්ථානයක් ලෙස ලැයිස්තු ගත කර ඇති අතර වසර දෙකක් අඛණ්ඩව ලංකාවේ කාන්තාවන් සඳහා සේවය කළ හැකි විශිෂ්ටතම රැකියා ස්ථානයක් ලෙස ලැයිස්තුගත විය. සමාගමේ සේවකයාට මුල්තැන දෙමින් කටයුතු කරන ප‍්‍රවේශයත් සමඟම, 99x ‘නව සාමාන්‍යකරණය’ යටතේ මාර්ගගත පද්ධතිය තුළ අන් කවරදාටත් වඩා දැන් සේවක තෘප්තිය වැඩිදියුණු කිරීම හා සිය සේවා පරිශ‍්‍රය තුළම විවෘත සංස්කෘතියකට කැපවීමට අඛණ්ඩව උත්සාහ කරයි.

ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන මූලස්ථානය කරගත් 99ඞ සමාගම යනු ස්කැන්ඩිනේවියානු වෙළෙඳපොළ සඳහා මනාව සැලසුම් කරන ලද නව්‍ය ඩිජිටල් නිෂ්පාදන සම-නිර්මාණය කරන නිෂ්පාදන ඉංජිනේරු සමාගමකි. ලොව ප‍්‍රමුඛතම Independent Software Vendors (ISVs) සමඟ 2004 වසරේ සිට සංවර්ධනය කරන ලද ගෝලීය ඩිජිටල් නිෂ්පාදන 150කට අධික සංඛ්‍යාවක් හරහා එම සමාගමේ විශේෂඥතාවය සනාථ වී ඇත.

ඉහළ දක්ෂතා සපිරි, නිර්මාණාත්මක චින්තනයෙන් යුතු හා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන තාක්ෂණික සහ නිෂ්පාදන විශේෂඥයින් 350කට අධික සංඛ්‍යාවක් 99X Technology හි සේවය කරයි. 2021 වසර සඳහා ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස සමාගම නම් කෙරිනු අතර අඛණ්ඩව වසර 9ත් ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස ද නම් කර තිබේ.

Visits: 139