ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩෙන්සීස් Amber Skye ව්‍යාපෘතියේ 50% ක් පළමු දින 20 තුළ විකිණී අවසන්ලු

Prime Lands Residencies PLC හි සාගරයට මුහුණලා ඉදිවන තෙවන සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය වන මීගමුවල Amber Skye Residencies ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට virtual property launch හරහා පාරිභෝගිකයින් සදහා විවෘත කළ අතර එදින සිට දින 20 ටත් වඩා අඩු කාලයකින් ව්‍යාපාතියේ  50% ක අලෙවියක් වාර්තා වී ඇතැයි පවසයි.

Amber Skye Residencies ආයෝජකයින්ට මීගමුවේ ඉහළම වටිනාකමක් ඇති Hotel Road හි දේපළක හිමිකාරීත්වය ලබා දෙන අතරම උසස් සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය පහසුකම් සහ සයුර අභියස විවිත්‍රත්වයත් නොඅඩුව ලබා දෙයි.

මේවන විටත් දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේත්, ආයෝජකයන්ගේත් දැඩි ආකර්ෂණයට Amber Skye Residencies නතු වී ඇත.

නිවාස ඒකක 145 කින් සමන්විත Amber Skye Residencies නිදන කාමර එකේ සිට තුන දක්වා වූ නිවාස රු. මිලියන 20.5 සිට වෙන් කරවා ගත හැකිය. 2024 මැද භාගයේදී නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය සඳහා වසර තුනකින් ගෙවා නිම කළ හැකි ආකර්ෂණීය පොලී රහිත ගෙවීමේ පහසුකම් ද Prime Lands Residencies PLC විසින් හඳුන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා, “නේවාසික හා අනේවාසික පාරිභෝගිකයින් හා විදේශීය ආයෝජකයින් Amber Skye සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස මිලදී ගැනීමට සීඝ්‍රයෙන් යොමු වී ඇති අතර මෙම ඉහළ යන ඉල්ලුම, සංචාරක සහ සුඛෝපභෝගී ජීවන පරිසරයක් සහිත මීගමු පුරවරයට ඇති ආකර්ෂණය පිළිබඳ ප්‍රබල සාධකයක්. නාගරික පහසුකම්, සුඛෝපභෝගී දිවි පැවැත්ම, පෞද්ගලිකත්වය පිළිබද සුරක්ෂිතතාව, නිස්කලංක භාවය මෙන්ම සයුර අභියස මැවෙන අසීමිත චමත්කාරයද  එක්ව විඳ ගත හැකි හොඳම තැන Amber Skye බවට කිසිදු සැකයක් නැහැ. ස්වභාව සෞන්දර්යයෙන් අණූන ඉහළ ස්ථානයක ඉදිවන විවේකයටත් විනෝදාස්වාදයටත් සුදුසුම තැනක්. සුක්ෂම ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමවේදයන් තුළින් අලංකරණය වීම ද ඉතා වැදගත් බව මගේ අදහසයි. එවැනි සියලු ගුණාංගයන්ගෙන්  අණූන සයූර අභියස ඉදිවන අනර්ඝ මෙන්ම සුඛෝපභෝගී ජීවන අත්දැකීමකට සුදුසුම තැන මෙතැනයි.” යනුවෙන් පැවසීය.

මෙහි ඉදිවන අති සුඛෝපභෝගී penthouses ඇතුළු සුඛෝපභෝගී නිවාස ස්වභාවික අලෝකය උපරිම ලෙස නිවසට ලැබෙන පරිදි නිර්මාණය වන අතර නව ගෘහනිර්මාන ශිල්ප ක්‍රම භාවිතා කරමින් වැඩි ඉඩක් නිවෙස්වලට ලබා දීමටත් නුතන නිවාසයන්හි අංගෝපාංගයන් එක් කිරීමටත් කටයුතු කර ඇත. මනරම් සාගරය හා රමණිය ක්ෂිතිජය නිවාස සංකීර්ණය වෙත ලබා දෙන මිළ කළ නොහැකි චමත්කාරය සියළු දෙනාගේ නෙත් සිත් වශී කරගන්නා බව නොඅනුමානය. කොළඹ නගරයට විනාඩි 40කින් ළඟාවීමට සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 10කින් ප්‍රවේශවීමේ හැකියාව සහිත ප්‍රමුඛ පෙළේ සංචාරක පුරවරයක ඉදිකෙරෙන සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැක.

තවද මෙහි සුඛෝපභෝගී නිවාසයන් හි හිමිකරුවන් සඳහා දෛනිකව පැය 24 පුරාවටම සලසන concierge සේවා , අමුත්තන්ගේ ආලින්දය (visitor lobby)” rooftop ocean bar ”  ළමා පිහිනුම් තටාකය සහ ක්‍රීඩා පරිශ්‍රය, යෝගී ව්‍යායාම පීඨිකාව, observation telescope, BBQ terrace” ව්‍යායාම මධ්‍යස්ථාන සහ රැස්වීම් මධ්‍යස්ථානය, මෙන්ම නිවෙස්හිමියන්ගේ රියදුරන්ට විවේකීව ගත කළ හැකි ස්ථානයක් ද Amber Skye Residencies සුඛෝපභෝගී නිවාස සංකීර්ණ පරිශ්‍රයෙහි ඉදිවේ. මීට අමතරව maids quarters, laundry rooms service ලබා ගැනීමේ පහසුකම්, digital surveillance පද්ධතිය සමග පැය 24 පුරාම ලබා දෙන ආරක්ෂාව, access control elevators” electric car charging points වැනි පහසුකම්ද මෙම නිවාස සංකීර්ණයට අයත් වෙති.

තරු පංතියේ සංචාරක හෝටල්ල මුතුරාජවෙල තෙත් බිම, ආගමික සිද්ධස්ථාන ල මීගමුව ඕලන්ද බලකොටුව, ඕලන්ද ඔරලෝසු කුළුණ, මාඔයල දෙපා ඇල මෙන්ම මෝරවල වෙරළ ආදී සුප්‍රසිද්ධ ස්ථානයන්ට ආසන්නයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය පිහිටීම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් විඳ ගන්නට නිවැසියන්ට ඉඩහසර ලබාදෙනු ඇත.

Visits: 211