Pfizer සමාගම ඩො. බිලියන 2.26කට පිළිකා ඖෂධ නිෂ්පාදන සමාගමක් මිලට ගැනීමට යයි

අද වනවිට ලොව පුරා COVID-19 මර්දන එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු බවට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ Pfizer Inc. සමාගම කැනඩාවේ සුප්‍රසිද්ධ රුධිර පිළිකා මර්දන ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Trillium Therapeutics Inc. සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 2.26කට සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී Pfizer සමාගම Trillium Therapeutics Inc. හි එක් කොටසක් සඳහා ඩොලර් 18.50ක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබෙන බව එම සමාගම් දෙකම පසුගියදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වෙයි. මෙම වටිනාකම එම කොටස් සඳහා දින 60 කාලයක් තුළ හිමිව තිබූ බරිත සාමාන්‍ය මිල මෙන් 118%ක ඉහළ යාමකි.

මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Pfizer සමාගම Trillium සමාගම වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් ආයෝජනය කර ඇත. ඒ සමගින්ම Pfizer සමාගමේ පිළිකාරෝග පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන සමූහයේ ජ්‍යේෂ්ඨ උප සභාපති ජෙෆ් සෙට්ල්මන් Trillium සමාගමේ විද්‍යාත්මක උපදේශක මණ්ඩලය වෙත පත් කිරිමද සිදුව තිබේ.

COVID-19 මර්දන එන්නත් නිෂ්පාදනයෙන් සහ අලෙවියෙන් අද වනවිට Pfizer සමාගම ඉදිරියෙන් සිටින අතර, ඒ සමගම සමාගමේ ආදායම් මෙන්ම වටිනාකම්ද හළ ගොස් තිබේ.

Visits: 147