Aitken Spence Travels ඉදිරිපත් කරන Spence හරිත මිතුරු අගෝස්තු 28දා

Aitken Spence Travels ආයතනයේ තිරසර සංවර්ධන සහ පාරිසරික සංචරණ ඒකකය මගින් ‘පරිසරය සුරැකීම අපගේ අනාගතය සුරැකීමයි“  යන තේමාව යටතේ Spence හරිත මිතුරු නමින් අධ්‍යාපනික දේශන මාලාවක් ආරම්භ කර ඇතැයි පවසයි.

එහි පළමු වැනි දේශනය ලබන අගෝස්තු 28 දා පස්වරු 5.00 සිට 6.30 දක්වා Zoom ඔස්සේ පැවැත්වෙයි. ‘සාගරය සහ අපේ පැවැත්ම‘ ලෙස මෙම දේශනය නම් කෙරී තිබේ.

දැයේ දරුවන් ගේ පාරිසරික දැනුම වැඩි දියුණු කිරීම​ සඳහා වූ අරමුණෙන් යුතුව සංවිධානය කරනු ලබන හරිත මිතුරු වැඩසටහන් මාලාව සඳහා පහත වෙබ් සබැඳිය ඔස්සේ ලියාපදිංචි වී වටිනා සහතිකයක් ලබා ගත හැකි බවද එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම පවසයි​.

https://docs.google.com/forms/d/e/1FAIpQLScOsSacLJrjFjj4-9BWXO9CUvzRcfKAp6oEdlesdm6ncy-6AQ/viewform?fbclid=IwAR2D1R9G9zIjVSajN-88UQKoDmAV5amgBYWqUjA7A8fd_tDayO4ndbFZ178

Visits: 75