කොළඹ කොටස් හුවමාරුවෙහි ASPI අගය මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත්වී යළි පහළ බසී

කොළඹ කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද පස්වරු 1.00 පමණ වනවිට ඒකක 8927.00 දක්වා ඉහළ නැගි බව කොටස් හුවමාරුව පවසයි. ඒ අනුව මෙය පෙර දිනයට සාපේක්ෂව 2.97%ක වර්ධනයක් විය.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකය තුළ ඉහළම අගය වූ 2021 ජනවාරි 27 වැනිදා වාර්තා වූ ඒකක 8812.01ට පසුව එම දර්ශකය පත් වූ ඉහළම අගය ලෙසත් මෙය සැලකෙයි.

කෙසේ වෙතත් පස්වරු 2.30ට දෛනික ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,758.03ක් දක්වා පහළ වැටුණි. එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 90.08කින් එනම් 1.04%ක වර්ධනයකි.

අද දිනයේදී සිදු වුණු සමස්ත ගනුදෙනුවල පිරිවැටුම රුපියල් බිලියන 7.3ක් ලෙස සටහන්ව ඇත. ඊයේ දිනයේදී එය රුපියල් බිලියන 9ක් ඉක්මවූ අතර, පෙරේදා දිනයේදී එය රුපියල් බිලියන 10 ඉක්මවීය.

Visits: 261