එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් පීඑල්සී රු. 8.00 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් පීඑල්සී (ASPM.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 8.00ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2020/2021 මූල්‍යවර්ෂය සඳහා එම සමාගම මගින් ලබාදෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 27 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ යෝජනාව සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන සමාගමේ මීළග වාර්ෂික මහා සභා රැස්වීම අද දිනයේදී පැවැත්වෙන බවත් සමාගම ප්‍රකාශ කර සිටියි.

එයිට්කන් ස්පෙන්ස් ප්ලාන්ටේෂන්ස් මැනේජ්මන්ට් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 8,295,860ක් එනම් 38.95%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමටයි. එසේම කොටස් 6,996,509ක් එනම් 32.85%ක් මෙරිල් ජේ ප්‍රනාන්දු හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගමට අයත් වෙයි.

Visits: 318