ලංකා වෙන්චර්ස් කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගම (LVEN.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් නිවේදනය කර සිටියි. පසුගිය අගෝස්තු 20 වැනිදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50 බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව ලංකා වෙන්චර්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන්ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 15 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස සැප්තැම්බර් 27 නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවියයුතුව ඇති අතර, ඒ සඳහා පැවැත්වෙන මීළග වාර්ෂික මහා සභා රැස්වීම හෙට (අගෝස්තු 24දා) පැවැත්වෙන බවද සමාගම පවසයි.

Visits: 129