ගුරු වෘත්තිය සවිබල ගන්වමින් SLIIT ‘ගුරු විරු’ නමින් වැඩසටහනක් අරඹයි

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීමට අවැසි දැනුම, කුසලතා හා ආකල්ප සහිත අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීම සහ සංවර්ධනය කිරීමේ අරමුණු ඇතිව ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය විසින් ‘ගුරු විරු’ නමින් සත්කාරක සේවා වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලද බව පවසයි.

කථිකාචාර්යවරුන්, විදුහල්පතිවරුන් පාසල් ගුරුභවතුන් මෙන් ම ධර්මාචාර්යවරුන් වැනි අධ්‍යාපන සේවය ලබා දෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ප්‍රධාන වශයෙන් මෙම වැඩසටහනේ අරමුණු කරන්නේ විෂය පිළිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ ගුරුවරුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම තුළින් ඔවුන්ගේ හැකියාවන් සහ ඉගැන්වීමේ සාර්ථක ක්‍රමවේදයන් වර්ධනය කිරීමයි.

SLIIT ආයතනය මෙම වැඩසටහන හරහා මෙරට අධ්‍යාපනඥයින් සවිබල ගැන්වීමට නොමිලේ සැසිවාර පවත්වමින් ජාතික සේවාවක් සැපයීමසඳහා දැඩි ලෙස කැපවී සිටින අතර ඒ මඟින් දිවයින පුරා සිටින සියලුම ගුරුවරුන්ට ප්‍රතිලාභ ලබා ගත හැකිය.

එහි සමාරම්භක ‘ගුරු විරු’ වැඩසටහන 2021 ජුනි 23 වන දින පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සමඟ එක්ව සාර්ථකව පවත්වන ලදී. එහිදී විද්‍යාපීඨ ශික්ෂාලාභීන් සඳහා ‘ක්‍රියාමූලික පර්යේෂණ’ (Action Research) පිළිබඳ සැසියක් පවත්වනු ලැබීය.මෙම අවස්ථාවට ශික්ෂාලාභීන් 400 කට අධික පිරිසක් සහ කථිකාචාර්යවරුන්ද සහභාගී විය. මෙම සැසිය SLIIT මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විරාජිත් ගමගේ මහතාගේ මෙහයවිම යටතේ පැවැත්විණි.

මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිනී, කාන්ති ලියනගේ මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරමින් මෙම සමාරම්භක වැඩමුළුව සාර්ථක කරගැනීමට මහඟු දායකත්වයක් ලබා දුන්නාය.

එම සමාරම්භක වැඩමුළුවේ සාර්ථකත්වය ඔස්සේ මේ දක්වා තවත් වැඩමුළු කිහිපයක් පවත්වනු ලැබීය. සංඛ්‍යාන විශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය SPSS මෘදුකාංග භාවිතය පිළිබඳ දෙදින වැඩමුළුවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෑතකදී මහවැලි, පෙරදේණිය සහ සියනෑ යන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල කථිකාචාර්යවරුන් වෙනුවෙන් පවත්වන ලදී. මානව ශාස්ත්‍ර පීඨයේ ගණිත අධ්‍යයනාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය T.S.G පීරීස් මහතා විසින් මෙහයවනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ඉහත සඳහන් කළ මහවැලි විද්‍යාපීඨයන්වල 100කට අධික කතිකාචාර්යවරු පිරිසක් සහභගී වූහ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් මෙම වැඩසටහන් සඳහා විශෘල ඉල්ලුමක් පවතින බවත්, ඉදිරියේ දී දිවයිනේ සියලුම විද්‍යාපීඨ සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට SLIIT අරමුණු කර ඇති බව එහි මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා පවසයි.

Visits: 77