SAMSUNG විසින් Wireless charging සමගින් එන UV Sterilizer ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 ඉලෙක්ට්‍රොනික්ස් සහ ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන Samsung විසින් wireless charging සමඟින් එන නවතම UV Sterilizer නිෂ්පාදන පසුගියදා ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීම සිදුව තිබේ.

මෙම නවතම හඳුන්වාදීම සමඟින් ඔබ කොහේ කොතැනක සිටියත් මිනිත්තු 10ක් වැනි සුළු කාලයකදී Galaxy smart දුරකතනයක්, Galaxy Buds, ඇස් කණ්නාඩි සහ smart watches විෂබීජහරණය කිරීමේ හැකියාව ඔබට ලැබෙන බව සඳහන් වෙයි.

ස්වාධීනව සහතික කිරීමේ ආයතන දෙකක් වන Intertek හා SGS යන ආයතන විසින් සිදු කරන ලද පරීක්ෂණයන්ට අනුව UV Sterilizer මගින් E. coli, Staphylococcus aureus සහ Candida albicans ඇතුළු බැක්ටීරියා සහ විෂබීජ 99%ක් විනාශ කරන බවට තහවුරු කොට ඇත.

Samsung හි ජංගම උපාංග සම්බන්ධතා වැඩසටහනෙහි හවුල්කරුවකු වන Samsung C&T විසින් මෙම UV Sterilizer නිපදවනු ලබයි. විවිධ උපාංග ප‍්‍රමාණයන්ට සරිලන ආකාරයෙන් නිර්මාණය කර ඇති ඒ මගින් ඔබ නිරන්තරයෙන් භාවිතයට ගන්නා devices රැසක විෂබීජහරණය සිදු කිරීමට හැකිවීම ඔබේත්, සමාජයේත් ආරක්ෂාවට ඉතා වැදගත් වනු ඇත.

සැම්සුන්ග් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා UV Sterilizer සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්ග ‘‘Samsung ආයතනය නිරන්තරයෙන් අපගේ පාරිභෝගිකයන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීමට උපකාරී වන නව නිෂ්පාදනයන් වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. අද වන විට අන් කවරදාටත් වඩා පුද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති අතර ඒ නිසාම බැක්ටීරියා හා විෂබීජවලට එරෙහිව සටන් කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා wireless charging සිදු කළ හැකි UV Sterilizer යන්ත‍්‍රයක් හඳුන්වාදීමට අපි කටයුතු කළා. අප එදිනෙදා නිරන්තරයෙන් භාවිතයට ගන්නා උපකරණ හා නිෂ්පාදන විෂබීජවලින් තොරව ආරක්ෂිතව තබා ගැනීම වෙනුවෙන් විෂබීජහරණය කිරීමට මෙම උපකරණය ඉතා වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’

ඉතා පහසුවෙන්  ඕනෑම ස්ථානයකට ගෙන යා හැකි කුඩා හා සැහැල්ලූ නිමාවකින් යුත් මෙම UV Sterilizer නිෂ්පාදනය තුළින් බාහිර පරිසරයට නිරාවරණය වන ඔබගේ ජංගම දුරකතනය, පැළඳුම් උපකරණ මෙන්ම ඔබේ ඇස් කණ්ණාඩි වැනි උපකරණයන්හි මතුපිට පහසුවෙන් විෂබීජහරණය කිරීමේ හැකියාව ඇත.

තනි button එකක් තුළින් මෙහෙයවිය හැකි මෙම UV Sterilizer නිෂ්පාදනය මිනිත්තු 10ක් තුළදී ස්වංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වීම හේතුවෙන් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් තමන්ගේ devises විෂබීජ හරණය කර ගත හැක. UV Sterilizer මගින් ඔබේ ජංගම දුරකතනය, Galaxy Buds හා වෙනත් devises සඳහා 10W wireless charging ලැබෙන අතර විෂබීජහරණය නිමා වීමෙන් පසුවද අඛණ්ඩව මෙම devices charge වනු ලැබේ. එබැවින් ඔබ devices UV Sterilizer එකෙන් ඉවතට ගන්නා විට විෂබීජහරණය වූ, ආරෝපණය වූ, භාවිතයට සූදානම් devices ඔබ අතට පත් වනු ඇත. Qi-compatible wireless charging සහිත devices UV Sterilizer මගින් charge කළ හැක.

Samsung UV Sterilizer 9,999/-ක මිලකට දිවයින පුරා ඇති පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත John Keells Office Automation හා Softlogic Mobile Distribution සමාගම් හි බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක. එමෙන්ම Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව Samsung e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද Samsung UV Sterilizer මිලදී ග ගත හැක.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේි ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයන්ට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung නව යොවුන් හා තාරුණ්‍යය ඇතුළු සෑම වයස් කාණ්ඩයක්ම පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Visits: 69