රේණුකා හෝල්ඩිංග්ස් ලාභාංශ ගෙවීම ශත 10යිලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි (RHL.N0000)  සහ නිෂ්ඡන්ද (RHL.X0000)  කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා පැවැති එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම සහ නිෂ්ඡන්ද කොටසක් සඳහාම ශත 10 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් ලාභාංශ ගෙවිම බවද රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 14 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය ලෙස සැප්තැම්බර් 24 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව ඇති අතර, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 23 වැනිදා පැවැත්වීමටද රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම තීරණය කර ඇත.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන් වරට සිදු වුණු පසුගිය අගෝස්තු 20 වැනිදා රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඡන්ද හිමි කොටසක වටිනාකම රුපියල් 15.30ක් විය. එය ඊට පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 15.90ට සාපේක්ෂව ශත 70ක එනම් -4.40%ක අඩුවීමකි.

එසේම පසුගිය අගෝස්තු 20 වැනිදා සමාගමේ නිෂ්ඡන්ද කොටසක වටිනාකම රුපියල් 10.80ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ පැවැති රුපියල් 10.80ට සාපේක්ෂව ශත 10ක එනම් 0.93%ක ඉහළ යාමකි.

Visits: 169