ආචාර්ය දිනුෂා පණ්ඩිතරත්න NDB අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුවෙහි (NDB) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළ ආචාර්ය දිනුෂා පණ්ඩිතරත්න මහත්මිය සිය ධුරයෙන් ඉවත්ව ඇතැයි පවසයි.

ඒ අනුව ඊයේ (2021 අගෝස්තු 20) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදුව තිබේ. එම මහත්මිය NDB බැංකුවෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය.

ආචාර්ය දිනුෂා 2019 වසරේ ජූලි මාසයේදී NDB බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා තේරී පත්විය.

ඇය ඒ වනවිටත් ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ (LKI) නිර්වාසික සාමාජිකාවක වූවාය. ඊට පෙර ඇය 2018 සිට 2018 දක්වා එහි විධායක අධ්‍යක්ෂවරිය ලෙසද කටයුතු කළාය.

මෙම ඉවත්වීමේ අවස්ථාව වනවිට ආචාර්ය පණ්ඩිතරත්න මහත්මිය සතුව NDB බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයක් නොතිබූ බවද බැංකුව සඳහන් කරයි.

Visits: 235