SEC, CSE හා තැරැව්කාර සමාගම් රෝහල් 10කට රු. මිලියන 9.6ක කොවිඩ්-19 ප්‍රතිකාර උපකරණ ලබාදෙයි

කොළඹ කොටස් හුවමාරුව, තැරැව්කාර සමාගම් හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සේවකයින් එක්ව රෝහල් 10 ක් සඳහා රුපියල් මිලියන 9.6 ක් වටිනා කොවිඩ්-19 ප්‍රතිකාර උපකරණ පරිත්‍යාග කිරීම පසුගියදා සිදු වී තිබේ.

මෙම උපකරණ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහා රෝහල, මන්නාරම දිස්ත්‍රික් මහා රෝහල, පොලොන්නරුව දිස්ත්‍රික් මහා රෝහල, හෝමාගම මූලික රෝහල, කින්නියා මූලික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහමෝදර ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල හා වැලිගම ප්‍රාදේශීය රෝහල යන රෝහල් සඳහා ලබා දුන් බව පැවසෙයි.

මෙම ව්‍යාපෘතිය යටතේ මල්ටිපැරා මොනිටර්ස්, CPAP යන්ත්‍ර, ECG යන්ත්‍ර, high-flow nasal oxygen therapy යන්ත්‍ර ඇතුළු ඔක්සිජන් පහසුකම් සපයන පද්ධති, හුස්ම ගැනීමේ උපකරණ, රෝගී අධීක්ෂණ උපකරණ, පුද්ගලික ආරක්ෂක උපකරණ සහ අනිකුත් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර තිබේ.

ඇක්විටි තැරුව්කාර පුද්ගලික සමාගම, ආශා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, ඒෂියා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, සී ටී සී එල් එස් ඒ සෙකියුරිටීස් (ප්‍රයිවට්) ලිමිටඩ්, කැන්ඩර් ඉක්විටිස් ලිමිටඩ්, කැපිටල් එලයන්ස් සෙකියුරිටීස් පුද්ගලික සමාගම, කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පුද්ගලික සමාගම, එන්ටර්ප්‍රයිස් සිලෝන් කැපිටල් පුද්ගලික සමාගම, ෆස්ට් කැපිටල් ඉක්විටිස් පුද්ගලික සමාගම, ෆස්ට් ගාර්ඩියන් ඉක්විටීස් පුද්ගලික සමාගම, ජේ බී සෙකියුරිටීස් පුද්ගලික සමාගම, LOLC සෙකියුරිටීස් සමාගම, ලංකා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, එන් ඩී බී සෙකියුරිටීස් පුද්ගලික සමාගම, නේෂන් ලංකා ඉක්විටිස් පුද්ගලික සමාගම, එස් සී සෙකියුරිටීස් පුද්ගලික සමාගම, සොෆ්ට්ලොජික් තැරව්කාර පුද්ගලික සමාගම සහ තැප්‍රොබේන් සෙකියුරිටීස් පුද්ගලික සමාගමයන තැරව්කාර සමාගම් මේ සඳහා සිය නොමසුරු දායකත්වය සපයනු ලැබූ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

පරිත්‍යාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා, කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා සහ කොළඹ තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති ජාලිය විජේරත්න මහතා දැක්වූ අදහස් වූයේ “ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීමේ වගකීම භාරව ඇති රෝහල් 10 ක උපකරණ සහ සැපයුම් අවශ්‍යතා සඳහා ආධාර කිරීම උදෙසා ප්‍රාග්ධන වෙළඳපොළෙහි පාර්ශවකරුවන් එක් කර දායකත්වය ලබාදීමට හැකිවීම පිලිබඳ අප සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශ හා අනෙකුත් සියලු පාර්ශ්වයන් වෙහෙස නොබලා කරනු ලබන කැප කිරීම අප ඉතාම අගය කරන අතර ඔවුන්ට අපගේ හෘදයාංගම කෘතඥතාවය පළ කරනවා” යනුවෙනි.

Visits: 94