SAMSUNG Galaxy Tab S7 FE ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් Galaxy Tab S7 FE ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දීම පසුගියදා සිදුව තිබේ. Samsung Galaxy Tab කාණ්ඩයට එකතු වූ නවතම සාමාජිකයා Galaxy Tab S7 FE වේ.

මෙමගින් පාරිභෝගිකයින්ගේ ඵලදායිතාව, නිර්මාණාත්මක බව සහ විනෝදාත්මක අවශ්‍යතා සපුරාලයි. Galaxy Tab S7 FE මගින් දෛනික වැඩ කටයුතු, අධ්‍යාපනය, සැලසුම් සහ විනෝදාස්වාදය සඳහා පුළුල් තිරය (display) සහ S Pen ක් ද හිමිවේ.

මෙලෙස පාරිභෝගික අවශ්‍යතා සහ ප‍්‍රියතාවයන් වෙනුවෙන් පුළුල් තිරය, අධ්‍යාපනය, සැලසුම් සහ විනෝදාස්වාදය සඳහා වන S Pen පහසුකම ඇතුළු Galaxy Tab S7+ හි ඇති පරිශීලකයින්ගේ ප‍්‍රියතම විශේෂාංග සමඟින් Galaxy Tab S7 FE දැන් ඔබ වෙත පැමිණේ.

මේ පිළිබඳව අදහස් දක්වන Samsung ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂක කෙවින් සුන්ග්සු යූ මහතා ‘’දුරස්ථව වැඩ කිරීම සහ මාර්ගගත ඉගෙනීම නව සාමාන්‍යයක් බවට පත්වීමත් සමඟම, අපගේ පාරිභෝගික ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් සැපයීම උදෙසා නිර්මාණාත්මක සහ තාක්ෂණික වපසරිය වඩ වඩාත් පුළුල් කරමින් Galaxy Tab S7 FE ඔබ වෙත ගෙන ඒමට අපි අවධානය යොමු කළා. මෙම ආකර්ෂණීය නව Galaxy Tab S7 FE නිර්මාණාත්මක කටයුතු, බහු කාර්යය කටයුතු, අධ්‍යාපන කටයුතු, ක‍්‍රීඩා කටයුතු ආදී සෑම කාර්යයක්ම වඩාත් ඵලදායීව ඉටුකර ගැනීම උදෙසා නිර්මාණය කර ඇති බව නැවත නැවතත් සඳහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

Galaxy Tab S7 FE ඔබ කැමති විශේෂාංගද සමගින් දැරිය හැකි මිලකට ඔබ වෙත ගෙන එයි. එය ඔබට වඩාත් ප‍්‍රයෝජනවත්, වඩාත් නිර්මාණාත්මක වීමට මෙන්ම ඔබට ”ඔබ”ම වීමට උපකාරී වේ. පාරිභෝගිකයින්ගේ දෛනික අවශ්‍යතා සපුරාලන සුවිශේෂ අංගවලින් යුත් Galaxy Tab S7 FE ලෝලීන්ට නම් අතපසු නොවනු නොඅනුමානය.

Galaxy Tab S7 FE අඟල් 12.4 ක පුළුල් තිරයකින් සමන්විත වන අතර එමගින් 16:10 අනුපාත සහිත සුපැහැදිලි දර්ශන තලයක් නිර්මාණය කරයි. අඟලකට පික්සල් 244 (PPI) ක විභේදනයකට ලක්වන නිසා පැහැදිලි රූප සහිතව වඩාත් තාත්විකව දෘශ්‍යමාන වෙයි. AKG speakers හරහා Dolby Atmos ශබ්දයේ ගුණාත්මකභාවය සමඟ සම්බන්ධ වී ඇති නිසා, මෙම උපකරණය මඟින් ඔබේ ප‍්‍රියතම රූප රාමු වින්දනාත්මක සිනමා අත්දැකීමක් ලෙසින් ඔබට සමීප කරවනු ඇත.

10090 mAh Galaxy Tab S7 FE මෙගා බැටරියක් සමඟ එන අතර එමඟින් ඔබට දවස පුරාම කිසිඳු ගැටළුවකින් තොරව ඔබේ ප‍්‍රියතම අන්තර්ගතයන් සමඟ සම්බන්ධ විය හැකිය. Galaxy Tab S7 FE, ඉතා වේගවත් 45W චාජරය මගින් විනාඩි 90 ක් තුළදී බැටරිය නැවත ආරෝපණය කරනු ලබයි. Galaxy Tab S7 FE, 15W චාජරය ද සමගින් ඔබ අතට පත්වන අතර ඉතා වේගවත් 45W චාජරය Samsung.com සහ ප‍්‍රමුඛ පෙළේ සිල්ලර අලෙවිසැල් වෙතින් වෙනම මිලදී ගත හැකිය. Galaxy Tab S7 FE ප‍්‍රබල Qualcomm Snapdragon 750G ප්‍රොසෙසරය සමඟින් වැඩිදියුණු කළ ක‍්‍රියාකාරීත්වයක් හා සුමට බහුකාර්ය අත්දැකීමක් ඔබ වෙත එයි. Galaxy Tab S7 FE වීඩියෝ ඇමතුම් සඳහා වඩාත් විධිමත් ලෙස නිර්මාණය කර ඇති 8MP පසුපස කැමරාවක් සහ 5MP ඉදිරිපස කැමරාවක් ද සහිතව ඉදිරිපත් කර තිබීම විශේෂිතය.

Galaxy Tab S7 FE, 4GB + 64GB හි මිල රුපියල් 129,999 කි. එමෙන්ම Galaxy Tab S7 FE, Mystic Black පැහැයෙන් ලබා ගත හැකිය. මෙම Galaxy Tab S7 FE, පහසුවෙන් හඳුනා ගතහැකි සැම්සුන්ග් වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි අලෙවිසැල් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැකිය.

ඊට අමතරව Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව සැම්සුන්ග් e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද මෙම උපාංගය මිලදී ගත හැකිය.

Visits: 67