OPPO අඛණ්ඩව දෙවැනි වරටත් ‘EISA BEST PRODUCT ADVANCED SMARTPHONE’ සම්මානය දිනාගනී

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපකරණ සන්නාමයක් වන OPPO අඛණ්ඩව දෙවැනි වරටත් ‘EISA BEST PRODUCT ADVANCED SMARTPHONE’ සම්මානය දිනාගැනීමට පසුගියදා සමත් වූ බව පවසයි.

OPPO ස්මාර්ට් දුරකථන මාදිලි අතර ඉහළම මාදිලිය ලෙස සැලකෙන Find X3 Pro මාදිලිය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලද්දේ, ලොව ඉහළම පිළිගැනීමක් හිමි ඉලෙක්ට්‍රොනික සඟරා 61 ක සාමාජිකත්වය සහිත Expert Image and Sound Association (EISA) විසිනි.

OPPO විදෙස් විකුණුම් උප සභාපති Scott Zhang මහතා මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින්, “Find X3 Pro මාදිලියේ නවෝත්පාදනයන් වෙනුවෙන් EISA සම්මානයකින් පිදුම් ලැබීමට හැකිවීම අපට මහත් සතුටක්. අඛණ්ඩව දෙවැනි වරටත් මෙම සම්මානය හිමිවීම මගින් පෙනී යන්නේ, පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අතික්‍රමණය කරමින් වෙළඳපොළට ඉහළම තලයේ අත්දැකීම් සමීප කරවීම සඳහා අප සතු හැකියාවයි. අපගේ මෙම නවතම දුරකථන මාදිලිය, ඊට පෙර මාදිලිය වූ Find X2 Pro හි 5G ප්‍රවණතාවේ ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි අතරම, ඡායාරූප, පිරිසැකසුම් සහ දර්ශන තිර තාක්ෂණයන් සම්බන්ධ නවෝත්පාදන රැසකිනුත් සමන්විත වනවා. Find X3 Pro හි හැකියාවන් එහි උපරිම තලයට රැගෙන ඒම තුළින් අපට ඡායාරූපකරණය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන පුද්ගලයන්ට බෙහෙවින් වටිනා නිර්මාණාත්මක මෙවලම් එකතුවක් හඳුන්වා දීමට හැකියාව ලැබුණා. එමගින් ඔවුන්ට, තම සාක්කු වල දමාගෙන යා හැකි උපකරණයක් මගින් වර්ණ බිලියනයක් දක්වා පරාසයක් ඡායාරූපයට හසුකර ගැනීමට හා ප්‍රදර්ශනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

EISA සභාපති පෝල් මිලර් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “OPPO Find X3 Pro යනු තාක්ෂණික ලෝකයට නව ආදර්ශයක් ලබාදෙන, විශේෂාංග රාශියකින් සහ සුවිශේෂී නිමාවකින් යුත් දුරකථන මාදිලියක් ලෙස හැඳින්වීමට පුළුවන්. 50MP primary සහ ultra wide-angle කැමරා සහ, 13MP telephoto කැමරාවක් සමග, 60x magnification හැකියාව සහිත සුවිශේෂී 3MP microscope snapper සහිත කැමරා පද්ධතිය, මෙම කාලපරාසයේ විශිෂ්ටතම කැමරා පද්ධතිය ලෙස හැඳින්විය හැකියි කියා මා සිතනවා. ඉහළම තලයේ හැකියාවන්ගෙන් යුත් මේ කැමරා පද්ධතිය නිසා OPPO Find X3Pro මාදිලිය වෙළඳපොළේ දියුණුතම ස්මාර්ට් දුරකථන මාදිලිය බවට පත්වී ඇති බව පැහැදිලියි.”

විශිෂ්ටතම හා නවීනතම නිමාවක් සමගින් පැමිණෙන OPPO Find X3 Pro මාදිලිය දියුණු තාක්ෂණයෙන් යුත් කැමරා එකතුවකින් සහ දර්ශන තිරයකින් සමන්විත වේ. Sony IMX766 imaging sensors සහ 10-bit full-path Colour Management System සමගින් 50MP මූලික කැමරා දෙකක් (wide-angle and ultra wide-angle) භාවිතා කරන ප්‍රථම OPPO ස්මාර්ට් දුරකථනය මෙයයි.
එමගින් කෙනෙකුට ස්වාභාවිකත්වයට අතිශය සමාන, වර්ණ බිලියන 1 ක් දක්වා පරාසයක විහිදුණු ඡායාරූප ලබාගත හැකි වේ. Qualcomm® Snapdragon™ 5G Mobile Platforms මගින් බලගැන්වෙන OPPO Find X3 Pro මාදිලිය OPPO නවෝත්පාදන උත්සාහයන්ගේ විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකි ය.

EISA යනු ලොව විශාලතම බහුමාධ්‍ය තාක්ෂණ විශේෂඥ එකමුතුව වන අතර එය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වෙළඳපොළ තත්ත්වයන් සම්බන්ධ සුවිශේෂී මූලාශ්‍රයකි. වසර 40 කට අධික කාලයක් තිස්සේ EISA සම්මාන පාරිභෝගිකයන්ට ඉලෙක්ට්‍රොනික උපකරණ හා උපාංග මිලදී ගැනීමේදී විශ්වාසනීය නිර්දේශයන් බවට පත්වී තිබේ.

ඡායාරූප, හෝම් තියටර් වීඩියෝ, හෝම් තියටර් ඕඩියෝ, හයි-ෆයි, රථවාහන ඉලෙක්ට්‍රොනික උපාංග සහ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළු ක්ෂේත්‍ර ආවරණය කරන, රටවල් 29 ක සඟරා සහ වෙබ් අඩවි 61 ක් නියෝජනය කරන විශේෂඥ කණ්ඩායමක් විසින් වාර්ෂිකව මෙම සම්මාන වල ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර මෙම විශේෂඥ කණ්ඩායම් ස්වාධීනව කටයුතු කරයි.

Visits: 56