Advantis P&E සමාගම Unisyst Engineering PLC හි 62.52%ක කොටස් මිලදී ගනියි

හේලීස් පීඑල්සී සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන Advantis Projects & Engineering (පෞද්) සමාගම ( Advantis P&E) එම සමූහයටම අයත් තවත් පරිපාලිත සමාගමක් වන Unisyst Engineering PLC සමාගමෙහි (Hayles UNISYST) කොටස් මිලියන 27.6ක් (27,850,356ක්) මිලදී ගත් බව පවසයි.

ඊයේ (අගෝස්තු 17දා) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ. මෙහිදී කොටසක් රුපියල් 9.10ක වටිනාකමට මිලදී ගැනීම සිදු කර ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 251 කි (250,981,239.60).

මෙම කොටස් හේලීස් සමූහය වෙත අයත්ව තිබූ කොටස් වන අතර, මෙම මිලදී ගැනීමත් සමගින්ම Unisyst Engineering PLC සමාගමෙහි සමස්ත කොටස් අතරින් 62.52%ක ප්‍රතිශතයක් Advantis P&E සමාගම වෙත හිමිව තිබේ.

මේ අතර අද වනවිට Advantis P&E සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 91.67%ක් හේලීස් සමූහය වෙත හිමිව ඇති අතර, මෙම ගනුදෙනුව සාමාන්‍ය වාණිජමය නියමයන් යටතේ සිදුව ඇතැයිද එම සමාගම් සඳහන් කරයි.

Visits: 317