ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රතිලාභ ලබා දීමට HNB, Singer අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම එක්ව පාරිභෝගිකයින් මිලදී ගනු ලබන ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටී.

HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම සහ Singer ප‍්‍රධාන විධායක නිලධාරී, මහේෂ් විජේවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් Singer ප‍්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී මෙම හවුල්කාරිත්වයට අත්සන් තබන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වන HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම මහතා ‘‘රටේ පවතින අතිශය අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙක් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අප හොඳින් දන්නවා. ඔවුන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගෙන ඒවාට සහයෝගය දැක්වීම සඳහා Singer සමඟ එක්වීමට ලැබීම ගැන අපට සතුටුයි. ජාත්‍යන්තර කීර්තිමත් වෙළෙඳ නාමයක් වන ජෝන් ඩියර් (John Deere) ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා වටිනා ප‍්‍රතිලාභ සහ වට්ටම් ලබා දීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට තම නිෂ්පාදනය වැඩිකර ගැනීමටත් නැවත නැඟී සිටීමටත් හැකි වනු ඇති.” යනුවෙන් පැවසුවේය.

HNB විසින් පාරිභෝගිකයින්ට විශේෂ අඩු පොළී අනුපාත හා ආකර්ෂණීය ලීසිං පැකේජ සමඟින් නොමිලේ ක්‍රෙඩිට් කාඞ්පතක් ද ලබා දෙනු ඇත. මෙම ක්‍රෙඩිට් කාඞ්පත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත. තවද මෙම පැකේජය තුළින් HNB සාමාන්‍ය රක්ෂණාවරණය යටතේ නොමිලේ රුපියල් මිලියන 4.5ක් ආවරණය වන ජීවිත රක්ෂණාවරණයක් ද හිමිවනු ඇති අතර ප‍්‍රීමියර් වාහන සඳහා ද සිංගර් පාරිභෝගිකයින්ට වට්ටම් හා දීමනා හිමි වනු ඇත.

‘‘ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වැඩිදියුණු කිරීම සඳහා Singer සැමවිටම ආයතනය කැපවී සිටිනවා. ජෝන් ඩියර් (John Deere) සමඟින් අපට ජාත්‍යන්තරව පිළිගත් ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ රට පුරා සිටින අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමට හැකිව තිබෙනවා. HNB සමඟ ඇති මෙම හවුල්කාරීත්වය තුළින් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ යන්ත්‍රෝපකරණ පාරිභෝගිකයා වෙත රැගෙන ඒමට වඩාත් පහසුවනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙන් Singer ප‍්‍රධාන විධායක නිලධාරී, මහේෂ් විජේවර්ධන මහතා පැවසීය.

මෙම ප‍්‍රවර්ධනය යටතේ පාරිභෝගිකයින්ට Singer වෙතින් නොමිලේ වගකීමක් සහ රක්ෂණාවරණ මෙන්ම මෙම හවුල්කාරීත්වය පවතින කාලය පුරාවට JD අමතර කොටස් සඳහා ආකර්ෂණීය වට්ටම් ද හිමි වනු ඇත. මීට අමතරව, Singer 24/7 පැයේ සේවාවන්, වාහන ලියාපදිංචිය සහ පාරිභෝගිකයින්ගේ නිවෙසටම වාහන ගෙනැවිත් දීම ඇතුළුව පුළුල් පරාසයක සුවිශේෂී සේවාවන් සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ඇත.

Visits: 58