“කොළඹ වරාය නගරය සහ රටට ඉන් ලැබෙන ප්‍රතිලාභ” අන්තර්ජාල සාකච්ඡාව නොමිලේ හෙට 5.30ට

ශ්‍රී ලංකා ගිණුම්කරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ (aat Sri Lanka) සම්මන්ත්‍රණ සහ වෘත්තීය සංවර්ධන කමිටුව මගින් සංවිධානය කරන “කොළඹ වරාය නගරය සහ රටට ඉන් ලැබෙන ප්‍රතිලාභ (An Overview of Port City Colombo and its Benefits to the Nation) “ අන්තර්ජාල සාකච්ඡාව හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට පස්වරු 5.30 සිට 7.30 දක්වා සජීවී අන්තර්ජාල වෙබිනාර් වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ ඉදිරිපත් කරන්නකි. සිංහල භාෂාවෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාමය අවස්ථාව සඳහා ලියාපදිංචි වීම අද (අගෝස්තු 18දා) පස්වරු 5.00 දක්වා සිදුකළ හැකි බව සංවිධායකයන් පවසයි.

https://t.co/zEXC9L1TvZ?amp=1 යන සබැඳිය හරහා මේ සඳහා ලියාපදිංචි විය හැකිය.

මෙම සාකච්ඡාව වෙනුවෙන් ආරාධිත දේශිකාව ලෙස කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වෙළෙඳ සහ අලෙවි අධ්‍යක්ෂිකා යමුනා ජයරත්න මහත්මිය සම්බන්ධ වෙයි. එසේම සාකච්ඡා මණ්ඩපය සඳහා සම්පත්දායකයන් ලෙස කොමර්ෂල් බැංකුවෙහි ප්‍රධාන මූල්‍ය නිලධාරී සහ ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධිපාල මහතා සහ සණස සංවර්ධන බැංකුවෙහි සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා සම්බන්ධ වීමට නියමිතව තිබේ.

මෙම අන්තර්ජාල සාකච්ඡාව සඳහා සම්බන්ධවීමට කැමති පිරිස් වෙත වැඩිදුර තොරතුරු 0761 559 663 දුරකතන අංකයෙන් අමතා ලබා ගත හැකිය. එසේම harshani@aatsl.lk ඉමේල් ලිපිනයෙන්ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Visits: 159