අලුත් SAMSUNG Galaxy ස්මාර්ට් ජංගම දුරකතන හා Tabs සඳහා Dialog වෙතින් නොමිලේ ඩේටා

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද Galaxy A හා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා Galaxy Tab සඳහා සුවිශේෂී දීමනාවක් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත.

ඒ අනුව මිලදී ගනු ලබන නව සැම්සුන්ග් smartphone දුරකතනයට ඩයලොග් 4G සිම් කාඞ්පත ඇතුලත් කිරීමෙන් මෙම පෙර නොවූ විරූ 30 GB දක්වා නොමිලේ ඬේටා දීමනාව සැම්සුන්ග් smartphone පාරිභෝගිකයින්ට ලබා ගැනීමට හැකියාව ඇත. සැම්සුන්ග් Galaxy A72, A52, A32, A22, A21s A12, M12, M11, M02s, M02, M01 Core යන smartphones සහ Galaxy Tab S7+, S7, S6 Lite හා Galaxy Tab A7 and A7 Lite යන Tab මෙම සුවිශේෂී දීමනාව යටතේ පරිභෝගික ජනතාවට මිලදී ගත හැකිය.

පාරිභෝගිකයින් මෙම Galaxy උපාංග අලූතින් මිලදී ගැනීමෙන් පසුව, MyDialog app එයට install කර ‘Phone77’ යන ප‍්‍රවර්ධන කේතය ඇතුලත් කිරීමෙන් 30 GB දක්වා නොමිලේ ඬේටා ලබා ගත හැකිය. මෙම දීමනාව 2021 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ.

නිදහස්, නිර්මාණශීලි හා සජීවි අන්තර්ගතයන් පරිභෝගික ජනතාවට අත්විඳීමට හැකිවන ලෙස නිර්මාණය කර ඇති සැම්සුන්ග් Galaxy A හා Galaxy M යන ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩ සහ සැම්සුන්ග් Galaxy Tab S හා A යන Tab කාණ්ඩවලට ලබා දෙන 30 GB දක්වා නොමිලේ ඬේටා දීමනාව සැම්සුන්ග් සහ ඩයලොග් එක්ව සිය පාරිභෝගික ජනතාවට ලබා දෙන කදිම තිළිණයක් ලෙස පෙන්වා දිය හැකිය. තවද සැම්සුන්ග් හි අතිනවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් හා ඩයලොග් හි සුපිරි අධිවේගී අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින අතරතුර විවිධාකාර වින්දනීය හා අධ්‍යාපනික අන්තර්ගයන් ද පාරිභෝගිකයින්ට රසවිඳීමට අවස්ථාව ඇත.

 නවතම සැම්සුන්ග් Galaxy A කාණ්ඩය මගින් නවීන පන්නයේ කැමරාවක්, විශාල ඉතා සුමට 90Hz තිරය සහ විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාවට ඔවුන්ගේ දැඩි ආශාවන්, අත්දැකීම් හා ඔවුන්ගේ ජීවිතයේ සෑම සුවිශේෂී මොහොතක්ම ග‍්‍රහණය කර ගැනීමට හැකි වන ලෙස නිර්මාණය කරන ලද දිගු ආයු කාලයක් සහිත බැටරිය ඇතුළුව උසස් තත්ත්වයේ නවීන තාක්ෂණයෙන් යුතු smartphone අත්දැකීමක් රැගෙන එයි.

මේ අතර, ඉතා සිහින්, වර්ණවත් තිරයකින් හා සුවිශේෂී නිර්මාණයක් ලෙසින් එන සැම්සුන්ග් Galaxy Tab සියලූම තරගකරුවන් අභිබවා Tab ලොව කැළඹවීමට සමත්ව තිබේ. Samsung Galaxy Tab වල සිත්ගන්නා සුළු තිරයකින් සමන්විත වන අතර Tab S වඩාත් හොඳ තිරයකින් යුතු Tab එකක් ලෙස පෙන්වා දිය හැකිය. එහි Super-AMOLED තාක්ෂණයෙන් යුතු තිරය ඉස්තරම්, සුපැහැදිලි වර්ණ හා දීප්තිමත් ආලෝක මට්ටම්වලින් සමන්විත වන නිසා සැබෑ ජීවිතයට වඩා වැඩිදියුණු කළ යථාර්තවාදී දෘශ්‍යමය අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘‘තරුණ ප‍්‍රජාව වෙළෙඳ නාම කෙරෙහි විශ්වාසයන් ගොඩනගා ගන්නා අතරතුර, සැම්සුන් විසින් හඳුන්වා දී ඇති නවතම තාක්ෂණයන් අත්විඳීමට තරුණ පරම්පරාව උනන්දු කළ යුතුයි. සැම්සුන් විසින් හඳුන්වා දී ඇති නවීන තාක්ෂණයේ විප්ලවයට අමතරව මෙම දීමනාව මගින් පාරිභෝගිකයින්ට නොමිලේ ඬේටා ලබා දී ඔවුන්ගේ පාරිභෝගික අත්දැකීම් ගොඩනගා ගැනීමට ද අවස්ථාව ලබා දෙනවා. ඬේටාවලින් වඩාත් සතුටු වන ලෝකයක අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත සැම්සුන් විසින් නවතම හා උසස් තාක්ෂණික පහසුකම් ගෙන එමින් නොමිලේ ඬේටා ලබා දී ඔවුන්ට සහාය වීමට හැකි වීම ගැන අපට සතුටුයි. වැඩිදියුණු කළ තාක්ෂණික අත්දැකීම් සමඟින් එන මෙම නව Galaxy උපාංග නිර්මාණය කර ඇත්තේ මෙම ප‍්‍රවණතාවන්ට පහසුකම් සැලසීම සඳහායි. ඒවගේම smartphones සහ Tab වල Infinity Display සහ දිගු ආයුකාලයකින් යුතු බැටරිය බාධාවකින් තොර පාරිභෝගික අත්දැකීමක් සහතික කරනු ලබනවා.’ යනුවෙන් පැවසුවේය.

Visits: 80