LEE HEDGES PLC සමාගමෙන් රුපියල් 1 බැගින් ලාභාංශ ගෙවිමක්

කොළඹ කොටස්හුවමාරුවෙහි ලැයිස්තුගත LEE HEDGES PLC සමාගම (SHAW.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම  රුපියල් 1ක් බැගින් ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2020/2021 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලබන සැප්තැම්බර් 28 වැනිදා ලෙස නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් හිමිවිය යුතුව ඇති බවත්, ඒ සඳහා වන මීළග වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන බවත් LEE HEDGES PLC සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී LEE HEDGES PLC සමාගමේ කොටස වටිනාකම රුපියල් 72.00ක් ලෙස සටහන්ව තිබුණි. එය පසුගිය සිකුරාදා කොටසක් සඳහා අගය වූ රුපියල් 73.60ට සාපේක්ෂව රුපියල් 1.60ක එනම් -2.17%ක පහත වැටීමකි.

LEE HEDGES PLC සමාගම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීද රුපියල් 1 ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදුකළ අතර එය 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් ලාභාංශය විය.

සමාගමේ කොටස්හිමිකාරීත්වයෙන් 51.00%ක හිමිකමක් ඇත්තේ Lee Hedges & Company Limited සමාගම වෙතයි. එසේම පයනියර් හෝම්ස් පෞද්ගලික සමාගම වෙත 12.51%ක හිමිකමක්ද සතුය.

Visits: 128