සොෆ්ට්ලොජික් ලයිෆ් වසරේ පළමු භාගයේදී 43%ක වර්ධනයක් වාර්තා කරයි

වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ අතිසාර්ථක කාර්යසාධනයක් වාර්තා කිරීමට සොෆ්ලොජික් ලයිෆ් සමත් වූ බව පවසයි.

පසුගිය ජූනි 30 වැනිදායින් අවසන් වූ එම මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 9,183ක දළ ලිඛිත වාරිකයක් (GWP Income) වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූයේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 43% ක සැළකිය යුතු වර්ධනයක්ද වාර්තා කරමිනි.

තම ඔප්පු හිමියන් සමඟ නිතැතිව රැඳෙමින් රුපියල් මිලියන 247ක COVID රක්ෂණ හිමිකම් පියවීමට ද සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර තිබේ.

2020 දෙසැම්බර් 31 වන විට 15.2%ක් ලෙසට වාර්තා කර තිබූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි වෙළෙඳපොල කොටස ඊට සාපේක්ෂව 16.3%ක් ලෙස වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර තිබීමද විශේෂත්වයකි. මෙම වෙළෙඳපොල  කොටස අඛණ්ඩව ඉහළ යාමේ ප‍්‍රතිඵලයක් ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණ වෙළෙඳපොලෙහි තුන්වන විශාලතම සමාගම ලෙස තවදුරටත් සිය ස්ථාවරත්වය රඳවා ගැනීමට සමත්ව ඇත්තේ බොහෝ පැරණි රක්ෂණ සමාගම්ද අභිබවා යමිනි.

2021 වසරේ මුල් මාස 6 තුළ මුළු රක්ෂණ ක්ෂේත‍්‍රයේම ඇස්තමේන්තු කළ දළ ලිඛිත ආදායම් වර්ධන අගය (GWP Growth Rate) වන 30% හා සැසඳීමේදී 43%ක දළ ලිඛිත වාරික වර්ධනයක් අත්පත් කර ගැනීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට හැකි වී තිබේ. ජීවිත

රක්ෂණ ක්ෂේත‍්‍රයේ දස වසරක දළ ලිඛිත වාරික සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය (CAGR) 13%ක් බවට පත් වන විට සොෆ්ට්ලොජික් ලයිෆ්හි 29%ක වර්ධන අගයක් වාර්තා කර ඇත. මිලියන 1.5කට අධික ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් වෙත ජීවිත රක්ෂණ විසඳුම් සපයන සොෆ්ට්ලොජික් ලයිෆ්, රක්ෂණ ඔප්පු 130,613ක් නිකුත් කරමින් අදාල කාලය තුළ ද වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත්තේ මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා  ද සුවිසල් දායකත්වයක් ලබා දෙමිනි.

එසේම අදාල කාලය තුළ සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තා කරනු ලැබූ බදු පසු ලාභය රුපියල් මිලියන 920ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 73%ක ඉහළ යාමක් විය. බදු අනුපාතය 28% සිට 24% දක්වා වෙනස් වීම හේතුවෙන් රුපියල් මිලියන 232ක බදු වත්කම් ආපසු හැරවීමේ ගැලපීම මෙම බදු පසු ලාභයට ඇතුළත් වේ. එම ගැලපීමට පෙර වාර්තා කළ සාමාන්‍යකරණය කරන ලද බදු පසු ලාභය රුපියල් මිලියන 1,152කි. පසුගිය වසරේ එම කාර්තුට සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් වාර්තා කරන ලද බදු පසු ලාභයේ වර්ධනය 91%ක් වන අතර එහි අගය රුපියල් මිලියන 1,454කි.

එය එසේ වන විට සමාගමේ දුරදර්ශී හා කාර්යක්ෂම වියදම් කළමනාකරණය තුළින් මෙහෙයුම් වසරක් තුළ 2020 ජුනි 20 වන විට පැවති 27%ක වියදම් අනුපාතය 20%ක් ලෙසට අඩු කරගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව ඇත. එසේම පවත්වා ගත යුතු නියාමන ප‍්‍රාග්ධන අනුපාත අවශ්‍යතාවය 120%ක් වන විට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එම අනුපාතය 298%ක් වැනි ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීම ද සුවිශේෂී කරුණකි.

සමාගම වාර්තා කර ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘පවතින වසංගත තත්වය තුළ කෙතරම් අභියෝග එල්ල වුවද ලබා ගත් සුවිශේෂ වර්ධනය හේතුවෙන් මේ වසරේ දෙවන කාර්තුව අවසානයේදී 16.3%ක වෙළෙඳපොල කොටස වර්ධනය කරගනිමින් ශ‍්‍රී ලංකාවේ තෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම ලෙස අපගේ ස්ථානය එලෙසින්ම පවත්වාගෙන යාමට හැකි වීම විශේෂ කරුණක්. වසංගත තත්වයක් තුළ පවා අපගේ උපාය මාර්ග හා ඒවා ක‍්‍රියාත්මක කිරීම මෙම ජයග‍්‍රහණයන්ට සුවිශේෂී හේතුවක් වු අතර සමාගම සාර්ථත්වය කරා ගෙන යාමට එය හේතු වූ බවද සඳහන් කළ හැකියි.’’ යනුවෙන් පවසා සිටියේය.

මේ පිළිබඳව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘2021 වසරේ පළමු මාස 6 තුළ රුපියල් මිලියන 247ක COVID-19 හිමිකම් පියවීමෙන් පාරිභෝගිකයින් වෙනුවෙන් වූ අපගේ කැපවීම හොඳින්ම පෙන්නුම් කෙරෙනවා. මේ වගේ අභියෝගාත්මක කාලයකදී වුවද සමාගම විසින් පෙන් වූ විශිෂ්ට වර්ධනය පිළිබඳව මා සතුටට පත්වන අතර ඉදිරි මාස කිහිපය තුළදී සමාගමේ වර්ධනය වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මාගේ විශ්වාසය පළකර සිටිනවා.’’  යනුවෙන් පවසා සිටියි.

Visits: 143