DIMO සමාගම DIMO Initium නමින් නව ව්‍යාපාර අංශයකට යොමු යොමු වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ විසින් සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශයන් තව දුරටත් පුළුල් කරමින්, දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන රසායනික විසඳුම් ඉදිරිපත් කරමින්, ‘DIMO Initium’ නමින් නව ව්‍යාපාර අංශයකට යොමු වී ඇතැයි පවසයි.

මෙම නව ව්‍යාපාර අංශය ගොඩනැඟීම උදෙසා ඩීමෝ විසින් මෙම ක්ෂේත්‍රය තුළ ලෝ ප්‍රකට දැවැන්තයින් වන BASF සහ Master Builders Solutions (MBS) හා අත්වැල් බැඳගෙන ඇත.

DIMO Initium විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය කරන කාර්ය සාධන පදනම් කරගත් විසඳුම් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවත් පවසයි.

මෙහි කාර්මික විසඳුම් අංශය විසින් විශේෂයෙන්ම රබර් හා ප්ලාස්ටික්, ගෘහ භාණ්ඩ සහ කල්පවතින භාණ්ඩ, රෙදිපිළි හා රථ වාහන යන කාණ්ඩයන් වෙත මූලික වශයෙන් විසඳුම් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර, පෝෂණ විසඳුම් අංශය විසින් සත්ව පෝෂණය, ඖෂධ සහ මානව පෝෂණ යන කාණ්ඩ සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

තවද, ඉදිකිරීම් රසායනික අංශය මඟින් Admixtures, Waterproofing & Sealants, භූගත ඉදිකිරීම් ඇතුළුව අලුුත්වැඩියා කිරීම් සඳහා විසඳුම් ලබා දීමත් අදහස වී තිබේ.

මෙම නවතම ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වීම පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා “ඩීමෝ හි නවතම ව්‍යාපාර අංශය වන DIMO Initium යනු අපගේ ව්‍යාපාර විවිධාංගීකරණය සඳහා වූ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක්. මෙම නව ව්‍යාපාරයට මුලපිරීම දේශීය ව්‍යාපාර රැසක සංවර්ධනය උදෙසා මෙන්ම, නව ව්‍යාපාර රැසක වර්ධනය සඳහා ද ඉදිරියේදී ඉවහල් වනු ඇති බව මාගේ විශ්වාසයි.” යනුවෙන් පවසා සිටියි.

Visits: 166