වෙළෙඳ ඇමති බන්ධුල නවසිලන්ත මහකොමසාරිස්ට පෙන්නූ අපනයන නිෂ්පාදන

ශ්‍රී ලංකාව වෙත පත්ව ආ පළමු නවසීලන්ත මහකොමසාරිස්වරයා වන මයිකල් ඇප්ලෙටොන් පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමු වූ බව පවසයි.

මෙහිදී දෙදෙනා අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳාම වර්ධනය කිරීම සඳහා සිදුකළ හැකි කාර්යයන් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමක් සිදු වූ බවද මහ කොමසාරිස්වරයා පවසා සිටියි.

මෙම හමුවේදී වෙළෙඳ අමාත්‍යවරයා උදාහරණ ලෙස ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන නිෂ්පාදන කිහිපයක්ම මහකොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී අඹ සහ මුහුදු ආහාරද ඇතුළත් වුණු බව මහ කොමසාරිස්වරයා පවසයි.

මේ අතරින් මුහුදු ආහාර සැපයුමක් නවසීලන්ත ජාතික ආයෝජකයෙකු වන Timothy O’Reilly ද සම නිර්මාතෘවරයෙකු වන Taprobane නම් සමාගමක් හරහා නිෂ්පාදනය කරන්නක් බවද පැවසෙයි.

Visits: 196