එමිරේට්ස් මගීන්ට Dubai Expo ප්‍රදර්ශනය තුළින් මුළු ලෝකයම එකම තැනකදී නැරඹීමේ අවස්ථාවක්

කලාපයේ දැවැන්තම වෙළෙඳ ප‍්‍රදර්ශනයක් වන 2020 ඩුබායි Expo වෙළෙඳ ප‍්‍රදර්ශනයේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා සහ නිළ ගුවන් සමාගම ලෙස එමිරේට්ස් මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට සමාගමේ ගුවන් මගීන්ට සුවිශේෂී ප‍්‍රතිලාභයක් ඉදිරිපත් කර ඇතැයි පවසයි.  

මේ අනුව, මෙම දැවැන්ත වැඩසටහන පැවැත්වෙන 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 ක දක්වා කාල සීමාව තුළදී  ඕනෑම අවස්ථාවක ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි හරහා ගමන් කරන එමිරේට්ස් මගීන්ට ඔවුන්ගේ සියළුම ගුවන් ටිකට්පත් වලට නොමිලේ Emirates Expo Day Pass එකක් ලබාදීමට ගුවන් සමාගම කටයුතු කර ඇත.

එමිරේට්ස් සඳහන් කරන්නේ 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා දක්වා ඩුබායි වෙත හෝ ඩුබායි හරහා ගමන් කරන සියළුම එමිරේට්ස් ගුවන් මගීන්ගේ ටිකට් පත් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදෙන බවයි. මෙම දීමනාව එමිරේට්ස් පළමු පන්තියේ, ව්‍යාපාරික පන්තියේ සහ ඉකොනොමි පන්තියේ මගීන්ට සහ එමිරේට්ස් හරහා flydubai ගුවන් ටිකට් පත් මිලදීගන්නා මගීන්ට මෙන්ම ඩුබායි හි අඩුම ගණනේ පැය හයක් රැඳී සිටිමින් ගමන් කරන එමිරේට්ස් ගෝලීය ජාලයේ මගීන්ට හිමිවේ.

මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත සිට පැමිණෙන එක් දිශාවකට පමණක් ගමන් කරන ගුවන් මගීන් ඩුබායි වෙත පැමිණීමේදී හෝ ඩුබායි හි අවම රැඳී සිටීමේ කාලය සම්පූර්ණ කරමින් වෙනත් ගමනාන්ත වෙත ගමන් කිරීමේදී ත්‍යාගයක් ලෙස Expo Day Pass එකක් ප‍්‍රදානය කිරීමටද එමිරේට්ස් කටයුතු කර තිබේ. 

තනිව හෝ පවුලේ සාමාජිකයින් සමග ඩුබායි සංචාරය කිරීමට හෝ ඩුබායි හි සිටින පවුලේ සාමාජිකයින් සහ මිතුරන් සමග සම්බන්ධ වීමට මේ කාලය තරම් උචිත කාලයක් තවත් නැතැයි එමිරේට්ස් සඳහන් කරයි.

මෙම වැඩසටහනේදී ලෝකයම එකම ස්ථානයකට රැගෙන ඒමට අමතරව එක්සත් ආරබි එමීර් රාජ්‍යය පිහිටුවා වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන රන් ජුබිලිය වෙනුවෙන් සංවිධානය කර තිබෙන වැඩසටහන් සහ ක‍්‍රියාකාරකම් වලට සහභාගී වී විනෝද වීමටත් මෙම මාස හයක කාල සීමාව තුළදී විශේෂ වට්ටම් ලබාගැනීමටත් අවස්ථාව උදාකර ගත හැකිය.  

2020 ඩුබායි Expo යනු මැදපෙරදිග, අප‍්‍රිකානු සහ දකුණු ආසියානු (MEASA) කළාපයේ පවත්වන පළමු World Expo වැඩසටහන වේ. Connecting Minds, Creating the Future, යන තේමාවෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී තිරසාරත්වය, සංචරණය සහ අවස්ථාව තුළින් ලෝකය පුරා තිබෙන ඒකාබද්ධවීමේ, නවෝත්පාදනයේ සහ සහයෝගීතාවයේ හොඳම උදාහරණ ගෙනහැර දක්වා ජනතාව උනන්දු කිරීමට ඉලක්ක කර ඇත.   

ශ‍්‍රී ලංකා මණ්ඩපය

මෙම මණ්ඩපය මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබෙන අතර ජලය තේමාවෙන් යුක්ත මෙම මණ්ඩපය ප‍්‍රදර්ශනයේ ‘Opportunity’ ප්‍රදේශයේ පිහිටුවා තිබේ. මේ තුළින් ශ‍්‍රී ලංකාවේ බොහෝ අංශවල තිබෙන යහ පිළිවෙත් ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

තේ දල්ලේ සිට කෝප්පය දක්වා තේ නිෂ්පාදනය කිරීමේ ‘තේ අත්දැකීම’, සංස්කෘතිය සහ උරුමය පදනම් කරගත් සංචාරක ආකර්ශනය දිනාගත් මාතෘකා මෙන්ම සුරක්ෂිත පරිසර පද්ධතීන්, අධ්‍යාත්මික ශක්තීන් ඇතුළු මෙරට බොහෝ වටිනා දේ මෙහි ප‍්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. අවස්ථාවන් දිනා ගැනීම සඳහා වෙනස් වීමට තිබෙන හැකියාව නැරඹීම සඳහා පැමිණෙන්නැයි මෙහිදී අමුත්තන්ට ආරාධනා කරයි. එසේම, වෙළෙඳ සහ සංචාරක පාර්ශවකරුවෙකු ලෙස ශ‍්‍රී ලංකාවට දේශීය කර්මාන්තවල සිට මානව ප‍්‍රාග්ධනය දක්වා විශාල ධාරිතාවයක් ඇතැයි මෙහිදී අවධාරණය කරයි.   

Visits: 79