SAMSUNG #BingeMonster Galaxy M32 නවතම ස්මාර්ට් දුරකතනය මෙරටදී එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් #BingeMonster ලෙස නම් කරන ලද සිය Galaxy M32 නවතම ස්මාර්ට් ජංගම දුරකතනය දැන් වෙළෙඳපොලේ අලෙවිය සඳහා ඇති බව නිවේදනය කර සිටියි. Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනය එක දිගට චිත‍්‍රපට නැරඹීම, ගේම්ස් සහ සමාජ ජාල මාධ්‍ය සැරිසැරීම සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

මෙම අතිනවීන ස්මාර්ට් ජංගම දුරකතනයේ අඟල් 6.4” FHD+ Super AMOLED තිරය නිසා සුමට 90Hz refresh rate විශේෂාංගය සහිතව ඔබට අසමසම නැරඹුම් අත්දැකීමක් ලබා ගත හැකිය. දීප්තිමත් ආලෝකය සහිත පරිසරයක දී Galaxy M32 හි තිරයේ දීප්තිය 800 nits දක්වා වැඩි කිරීමට එහි High Brightness Mode ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වේ. මෙනිසා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතනයක පවතින දීප්තිමත්ම හා බලවත්ම තිරය Galaxy M32 සතුවන අතර මෙය විනෝදාස්වාදය සහ නොනවත්වා වීඩියෝ නැරඹීම (binge-watching) සඳහා කදිම උපකරණයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘‘2019 දී සැම්සුන්ග් Galaxy M කාණ්ඩය දියත් කළ දා සිටම, සෑම නව හඳුන්වා දීමකින්ම සෑම වයස් කාණ්ඩයකම සිටින අපගේ පාරිභෝගිකභවතුන් සඳහා ස්මාර්ට් ජංගම දුරකතනයක බලය සහ ක‍්‍රියාකාරීත්වය නැවත අර්ථ දක්වා එම කාණ්ඩයේ හොඳම විශේෂාංග ගෙන එමින් වෙළෙඳපොළ නිරන්තරයෙන් කළඹවා තිබෙනවා. අද අප මෙම Monster නාමය අපගේ නවතම #BingeMonster” Galaxy M32 දුරකතනය දක්වා ව්‍යාප්ත කරනවා. එය M කාණ්ඩයේ මෙතෙක් දීප්තිමත්ම හා බලවත්ම FHD+ Super AMOLED 90Hz තිරයකින්, monster 5000mAh  බැටරියකින් සහ තොරතුරුවල රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරකින Knox යන හොඳම විශේෂාංග තුනකින් සමන්විත වනවා. Galaxy M32 දුරකතනයේ සිත් ඇදගන්නා සුළු ඡුායාරූප සහ වීඩියෝ ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි 64 MP quad පිටුපස කැමරා හතරක එකතුවක් ද තිබෙනවා. මේ සියලූ විශේෂාංග නිසා විනෝදාස්වාදය සමාජ මාධ්‍ය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන අපේ තරුණ ප‍්‍රජාවට Galaxy M32 ඉස්තරම් උපාංගය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.” යනුවෙන් පැවසුවේය.

8GB+128GB මතක ධාරිතාවයක් සහිත Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනයක මිල රුපියල් 59,999 ක් වන අතර කළු හා ලා නිල් යන ආකර්ෂණීය වර්ණ දෙකකින් ලබා ගත හැකිය.

දිවයින පුරා විසිර සිටින John Keells Office Automation හා Softlogic Mobile Distribution යන බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතනයක් ඔබට මිලදී ගැනීමට හැකියාව ඇත. තවද Softlogic Retail, Singer, Singhagiri, Damro සහ සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ඇතුළුව සැම්සුන්ග් e-Store, MySoftlogic.lk හා Daraz.lk ආදි සියලූම බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් ද Galaxy M32 ස්මාර්ට් ජංගම දුරකතන ඔබට මිලදී ගත හැකිය.

Visits: 108