ප්‍රකාශ් ෂාෆ්ටර් ජනශක්ති ඉන්ෂුවරන්ස් විධායක සභාපති ධුරයෙන් ඉවත් වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රකාශ් ආනන්ද් ෂාෆ්ටර් මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි පවසයි.

2021 අගෝස්තු 11 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම ඉවත්වීම සිදුව තිබේ. කෙසේ වෙතත් ඒ මහතා තවදුරටත් සමාගමෙහි විධායක උප සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම පවසයි.

2018 වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීහි විධායක සභාපතිවරයා ලෙස පත් විය. දශක 30කට අධික කාලයක් පුරා රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ඒ මහතා 2006 වසරේ සිට සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සීහි විධායක සභාපති ධුරයට පත්වන අවස්ථාව වන විට හෝ ඉන් ඉවත්වන අවස්ථාව වනවිට සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් සතුව නොතිබුණි.

Visits: 103