කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස නම් කෙරේ

2021 වර්ෂය සඳහා ආසියානු බැංකු හා මූල්‍ය (ABF) සම්මාන උළලේදී, සැලකිය යුතු ගණුදෙනු ප‍්‍රමාණයක් සාර්ථකව සිදු කළ හෝ නවෝත්පාදක මුල පිරීම් සිදු කළ බැංකු සඳහා පිදෙන, මහා පරිමාණ බැංකුකරණ කාණ්ඩය යටතේ, වසරේ දේශීය වෙළෙඳ මූල්‍ය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත‍්‍ර වී ඇතැයි පවසයි.

සමාලෝචනය කළ වර්ෂයේ දී, කොවිඞ් 19 වසංගතයේ බලපෑම් නොතකා, පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම, සේවා ප‍්‍රමිතීන් වැඩිදියුණු කිරීම, නව්‍ය විසඳුම් ලබා දීම සහ ඔරොත්තු දීමේ හැකියාව, බාධාවලට එරෙහි වීම සහ විශිෂ්ට කාර්ය සාධනය හේතුවෙන් කොමර්ෂල් බැංකුවට මෙම විශිෂ්ඨ ගෞරවය හිමි විය.

වෙළෙඳ මූල්‍යකරණය තුළ බැංකුව ලද ජයග‍්‍රහණ තීරණය කරනුයේ වෙළඳපල කොටස, පිරිවැටුම, ආදායම, වෙළෙඳාම් කටයුතු සඳහා ලබා දී ඇති ණය පහසුකම් සහ ලබා ගත් වෙළෙඳ ණය ඇතුළු ප‍්‍රධාන දර්ශකවලට අදාළ කාර්ය සාධනය අනුවය.

මෙම සම්මානය සඳහා හේතු වූ කොමර්ෂල් බැංකුවේ නිෂ්පාදන නවෝත්පාදනයන් ලෙස නව වෙළෙඳ මූල්‍ය නිෂ්පාදනයක් (වට්ටම් සහිත දේශීය ණයවර ලිපි) දියත් කිරීම සහ ඩිජිටල් තොරතුරු පරීක්ෂණ වේදිකාවක් සැලසුම් කිරීම හැඳින්විය හැක.

නව්‍ය වෙළෙඳ විසඳුම් ලබා දීමේ අරමුණින් බැංකුව විසින් ඊ-ලේඛන පිළිගන්නා ලෙස නියාමකයන්ට යෝජනා කර ඒත්තු ගැන්වීමට සමත් වූ අතර බලපත‍්‍ර යටතේ හෙන්වන මෝටර් වාහන නිෂ්කාශනය පහසු කිරීම සඳහා විශේෂ විධිවිධාන සලසා දී ඇත. එමෙන්ම, ව්‍යාපාරික පිරිවැටුම ඉහළ නැංවීම, මූල්‍ය පිරිවැය අඩු කිරීම සහ සංකීර්ණ ව්‍යූහගත වෙළෙඳ කොන්දේසි යටතේ මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘතියක් සක‍්‍රිය කිරීම මගින් බැංකුව ව්‍යාපාර පුළුල් කිරීමේ ව්‍යාපෘති සඳහා පහසුකම් සැලසීය. තිරසාර ඇරඹුමක් ලෙස හරිතාගාර වායුව විශාල ප‍්‍රමාණයක් අඩු කිරීමට හැකි වූ හරිත ව්‍යපෘතියකට බැංකුවේ සහායද ලබා දී තිබේ.

Visits: 40