Expack සමාගම මෙවරත් විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත වෙයි

පුළුල් විවිධත්වයක් සහිත සේවක පිරිසේ සියල්ලන්ටම සමාන සැලකීමක් ලබා දෙමින් තිරසාර ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීමේ වටිනාකම සුරකිමින්, ඉදිරියට යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇසුරුම් විසඳුම් නිෂ්පාදකයා වන Expack Corrugated Cartons සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිවෙලින් තුන්වැනි වසරටත් ශ්‍රේණිගත වී සිටී.

Great Place to Work විසින් මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම සිදුකරන අතර, තමන්ගේ රටවල විශිෂ්ටතම සේවා ස්ථාන ලෙස ජාතික මට්ටමේ ලැයිස්තුගත කිරීම්වලදී වර්ෂ දෙකක් ඉහළින්ම ශ්‍රේණිගතවීමට සමත්වූ ආයතනයන් මේ සඳහා සලකා බලනු ලබයි.

මේ වර්ෂයේදී ආසියානු කලාපයෙහි රටවල් දහසයක් නියෝජනය වන පරිදි දැවැන්ත පරිමාණයේ ව්‍යාපාරික ආයතනයන්හි මිලියන 3.3කට අධික සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් ශ්‍රේණිගත කිරීම් සඳහා අදාල සමීක්ෂණය පවත්වන ලදී.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Expack සමාගම මේ වන විට සිව් වරක් ශ්‍රේණිගත වීමට සමත්ව සිටී. ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියානු කලාපයෙහි ද විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස මෙලෙස පිළිවෙලින් වාර්ෂිකව ලැයිස්තුගත වන්නට සමත් වූ එකම ඇසුරුම් නිෂ්පාදන සමාගම වන්නේ ද Expack ය. ගතවූ 2020 වර්ෂය තුල අභියෝග රැසකට මුහුණ දුන්න ද, Expack සේවක පිරිස ඉතාමත් කැපවීමෙන්, එකමුතුව හා ශක්තිමත්ව කටයුතු කරමින් සිය සමාගමට සාර්ථකත්වයෙහි ප්‍රතිඵල රැගෙන එන්නට කටයුතු කරන ලදී.  

සේවය කරන සියල්ලන්ටම ජාතිකත්වය, ආගම, වයස, ආකල්ප හා විශ්වාසයන් පිළිබඳ කිසිදු වෙනස්කමකින් තොරව සමාන සැලකිල්ලක් ලබා දීමට Expack සමාගම සෑම විටම කටයුතු කරන අතර, මෙම ශ්‍රේණිගතකිරීම මගින් එම අරමුණ කොතරම් දුරට සාර්ථකව තිබේද යන බවට මනා සාක්ෂියක් ලැබී තිබේ. එසේම සේවක පිරිසගේ හොඳම හැකියාවන් මතුකරගැනීම සඳහා අවශ්‍ය අනුබලය හා සවිබලගැන්වීම නොඅඩුව ලබා දීමට Expack සමාගම සෑම විටම සැලකිලිමත් වේ.

AberdeenHoldings හෙවත් Expack සමාගමේ මව් සමාගමෙහි නිර්මාතෘ හා සමූහ අධ්‍යක්ෂ මෙන්ම Expack සමාගමේ සභාපති සත්තාර් කාසිම් මහතාගේ ක්‍රමෝපායික දැක්ම මූලික කරගත් නායකත්වය සමාගමේ ඉදිරි ගමනට ලබාදෙන්නේ දැවැන්ත ශක්තියකි. පුළුල් පරාසයක පැතිරුණ මෙරට මෙන්ම ‍ජාත්‍යන්තර සමාගම් මෙහෙයවා අත්දැකීම් ඇති කාසිම් මහතා ඔහුගේ දැනුම හා පළපුරුද්ද සමග නිසි මගපෙන්වීම ලබා දෙමින් Expack සමාගමේ අනාගත ඉලක්ක හා දැක්ම යථාර්තයක් කරන්නට සිය දායකත්වය ලබා දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම හා විශ්වාසනීයමඇසුරුම් විසඳුම් නිෂ්පාදකයා (preferredcorrugated packaging solutions provider) බවට Expack සමාගම පත්කිරීම වෙනුවෙන් ඔවුහු කටයුතු කරති.

Aberdeen Holdings යනු වඩාත් විවිධාංගීකරණය වූ ශ්‍රී ලාංකික ව්‍යාපාර සමූහයක් වන අතර, ඖෂධ, ඇසුරුම්, වෙළෙඳ භාණ්ඩ, ගුවන් සේවා, ප්‍රවාහන හා සැපයුම්, තේ සහ කෝපි, බලශක්ති, ප්‍රතිචක්‍රීකරණ, කෘෂිකර්මාන්ත, සැපයුම් දාම හා ඩිජිටල් වැනි ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක වේ. Aberdeen Holdings සමූහය රටවල් 29කට වැඩි ගණනක කර්මාන්ත ක්ෂේත්‍ර 11කට අධික සංඛ්‍යාවක ව්‍යාපාර කටයුතු ව්‍යාප්තකර තිබෙන අතර, 1,300කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා සපයා තිබේ.

Visits: 82