වැලිබල් පවර් එරත්න පීඑල්සී ශත 70 බැගින් ලාභාංශ ගෙවීමේ තීරණයක

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැලිබල් පවර් එරත්න පීඑල්සී (VPEL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම සාමන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 70 බැගින් ලාභාංශ ගෙවිමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස ප්‍රකාශ කෙරී ඇත.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අගෝස්තු 19 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවද වැලිබල් පවර් එරත්න සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මේ වසරේ පෙබරවාරි 25 වැනිදාද වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම කොටසක ශත 30 බැගින් සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් අතරමැදි ලාභාංශ ගෙවීම විය.

Visits: 288