ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී ශත 25 බැගින් ලාභාංශ ගෙවීම සැප්. 07දා

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවකදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 25 බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන සැප්තැම්බර් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 19 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම පසුගිය ජූනි 21 වැනිදාද සිය කොටස්හිමිකරුවන් වෙත කොටසකට ශත 50 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කළ අතර එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබාදුන් දෙවැනි අතරමැදි ලාභාංහ ගෙවීම විය.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 22.20ක් ලෙස සටහන් විය. එය ඊයේ දිනයේ එහි කොටසක වටිනාකම වූ රුපියල් 22.50ට සාපේක්ෂව ඒකක 0.30කින් එනම් -1.33%ක  අඩුවීමකි.

Visits: 128